
‘කොවිඩ්-19’ හෙවත් නව කොරෝනා වයිරසයේ ව්‍යාප්තිය පාලනය කිරීම සඳහා පනවා තිබෙන ස්වයං-නිරෝධායන කාලසීමාව වෙනස් කිරීමට එක්සත් රාජධානිය තීරණය කර ඇත.
ඒ අනුව ස්වයං-නිරෝධායන කාලසීමාව දින 14 සිට දින 10 දක්වා අඩු කිරීමට එක්සත් රාජධානිය තීරණය කර ඇති අතර එරට ප්‍රධාන වෛද්‍ය නිලධාරියා හෙට (12) ඒ බව නිවේදනය කිරීමට නියමිත ය.
එක්සත් රාජධානියේ ප්‍රධාන වෛද්‍ය නිලධාරී මහාචාර්ය ක්‍රිස් විටි සහ බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය බොරිස් ජොන්සන්ගේ හිටපු ප්‍රධාන උපදේශක ඩොමිනික් කමින්ස් පසුගිය නොවැම්බර් මාසයේදී මේ සම්බන්ධයෙන් දිගින් දිගටම අදහස් දැක්වූහ. ස්වයං-නිරෝධායන කාලසීමාව අඩු කළ යුතු යැයි ඔවුහු දිගින් දිගටම පෙන්වාදුන්හ.
නව කොරෝනා වයිරස ආසාදිතයන් හඳුනාගැනීමේ පරීක්ෂණවල සහාය ඇතිව ස්වයං-නිරෝධායන කාලසීමාව අඩු කෙරෙන අතර රෝග ලක්ෂණ පෙන්නුම් නොකරන ජනතාවට ඔවුන් වයිරසය රැගෙන නොයන බව තහවුරු කිරීම ද මෙහි අරමුණ වී තිබේ.
දින 14 ක ස්වයං නිරෝධායන කාලසීමාවට ජනතාව අනුකූල නොවීම, විශේෂයෙන්ම ඔවුන්ට එතරම් දීර්ඝ කාලයක් රැකියාවලට නොයා සිටීමට නොහැකි වීම යන කරුණු මත මෙලෙස ස්වයං-නිරෝධායන කාලසීමාව අඩු කිරීමට හේතු වී තිබේ. එපමණක් නොව ඇතැම් ආයතන සමාගම් අසනීප නිවාඩු නොගෙවීම ද ඊට හේතුවක් වී තිබේ.
එක්සත් රාජධානියේ රජයට අයත් සේජ් කණ්ඩායම විද්‍යාඥයන්ගේ උපදෙස්වලට අනුව සකස් කළ වාර්තාවකට අනුව ස්වයං-නිරෝධායනය වන්නැයි දැනුම් දුන් පසු නියමිත පරිදි පූර්ණ වශයෙන් ස්වයං-නිරෝධායනය වී ඇත්තේ එංගලන්ත ජනතාවගෙන් සියයට 20කට ආසන්න ජනතාවකි. අදාළ වාර්තාව පසුගිය සැප්තැම්බර් මාසයේදී නිකුත් විය.
“යම් අයකු ස්වයං-නිරෝධායනය වනවිට එම පවුලේ අනෙක් සාමාජිකයන් ස්වයං-නිරෝධායනය වීමට තිබෙන්නේ ඉතා අඩු ඉඩක්. කායික සහ ප්‍රායෝගික සීමා ඊට හේතු ලෙස පෙන්වාදෙන්න පුළුවන්. ඒත් පරීක්ෂණයෙන් ආසාදිත බව දැනගත් රෝග ලක්ෂණ පිරිස සම්බන්ධයෙන් ඒ තත්ත්වය වෙනස්. ඒ වගේම ආසාදනය වීමේ අඩු තත්ත්වය ද සැලකිල්ලට ගත යුතු” බව ද අදාළ වාර්තාවේ දැක්වේ.
රැකියාවට නොගොස් සිටීමට නොහැකි තත්ත්වය හේතුවෙන් දුප්පත් ජනතාව ස්වයං-නිරෝධායනට යොමු නොවීමේ තත්ත්වය වැඩි යැයි ද විද්‍යාඥයෝ පෙන්වාදෙති.
(‘ද ගාඩියන්’ ඇසුරිනි)
055
2025 නොවැම්බර් මස 21
37
0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
148
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
2025 නොවැම්බර් මස 04
1000
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
එක්සත් රාජධානිය ස්වයං-නිරෝධායන කාල සීමාව අඩු කරයි