එක්සත් ජනපදය වසර 30 කට අාසන්න කාලයකට පසුව සෝමාලියාවේ පළමු රාජ්‍ය තාන්ත්‍රික මෙහෙයුම ආරම්භ කර ඇත.
මෙය ඓතිහාසික සිදුවීමක් බවත් නැඟෙනහිර අප්‍රිකානු ජාතිය ප්‍රගතිය කරා ගමන් කිරීමක් බවත් රාජ්‍ය දෙපාර්තමේන්තුව පැවසුවේය.
කැරලිකරුවන් සහ රජය අතර ඇතිවූ ගැටුම් හේතුවෙන් 1991 දී සෝමාලියාවේ පිහිටි තම තානාපති කාර්යාලය එක්සත් ජනපදය විසින් වසා දමන ලදී.
මෙය ඓතිහාසික පිළිඹිබුවක් බවත්, මෑත වර්ෂවල ප්‍රගතියක් සහ සෝමාලියාවේ තවත් ඉදිරි පියවරක් බවත් එක්සත් ජනපද රාජ්‍ය දෙපාර්තමේන්තුවේ ප්‍රකාශිකා හීදර් නෝර්ට් පැවසුවාය.
එක්සත් ජනපද රාජ්‍යතාන්ත්‍රික කටයුතු විධිමත් කිරීම සිදුකර ඇති බවත් සෝමාලියාව තුළ ස්ථාවරත්වය, ප්‍රජාතන්ත්‍රවාදය, ආර්ථික සංවර්ධනය සහ සියලා ජාතීන්ට යහපතක් ඇති කරන බවත් ඇය පැවසුවාය.
බීබීසී ඇසුරෙනි
(63226 )

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සෝමාලියාවේ තිබෙන "අඳුරු" සමාජික හා දේශපාලනික වටාපිටාව ගැන ඇමෙරිකාවට හදිස්සියේ කරුණාවක් ඇතිවුනේ ඇයිදැයි මට නම් හරිම ප්‍රශ්නයක්. මේ රට දුප්පත් වුණාට ඛනිජවර්ග වලින් පොහොසත් රටක්. එයත් කොල්ලකන්නද මේ අය ලැහැස්තිවෙන්නේ...?
ඔය යන්නේ සෝමාලියාවට ආදරේට නොවේ. අල්ලපු රටවල තියන- ඩිජිබෝඋටි ( චීන හමුදා කඳවුර), යේමනනය ( හුතී කැරලිකාරයෝ ), ඉතියෝපියාව , එරිටෙරියාව , සුඩානය , වගේ රටවල ඇති කුණු කානු වල සැප සුව පිණිස.