IMG-LOGO

2026 ජනවාරි මස 01 වන බ්‍රහස්පතින්දා


එක්සත් ජාතීන්ගේ මහ සමුළුවේදී සිරියා රජයට එරෙහිව යෝජනාවක්

එක්සත් ජාතීන්ගේ මීළඟ මහ සමුළුවේදී සිරියානු රජයට එරෙහිව යෝජනාවක් ගෙන ඒමට ඇමෙරිකාව ඇතුළු බටහිර රටවල් මෙන්ම අරාබි ලීගය ද සූදානම් වෙයි.
එම යෝජනාව සකස් කර ඇත්තේ අරාබි ලීගයට අයත් රටවල්ය. සිරියානු ජනාධිපති බෂීර් අල් අසාද් චෝදනා කරන්නේ,  අරාබි ලීගය එම යෝජනාව සකස් කර ඇත්තේ ඇමෙරිකාව ප‍්‍රමුඛ බටහිර රටවල අවශ්‍යතාවන් සපුරා ගැනීමට කියාය.
මීට පෙර අවස්ථා දෙකකදී එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලය සිරියාවට එරෙහිව යෝජනා දෙකක් ගෙන ඒමට උත්සහ කළේය. කෙසේ නමුත් රුසියාව සහ චීනය මැදිහත් වී එම යෝජනා පරාජය කළේය.
එක්සත් ජාතීන්ගේ මණ්ඩලය එම අවස්ථා දෙකේදීම උත්සහ කළේ සිරියාවට එරෙහිව හමුදා ප‍්‍රහාරයක් එල්ල කිරීමටය.
ලිබියාවට කළාක් මෙන් සිරියා රජය පෙරළා දැමීමට හමුදා ප‍්‍රහාරයක් එල්ල කිරීමෙන් වළකින්නැයි  රුසියාව සහ චීනය ඇමෙරිකාව ප‍්‍රමුඛ සෙසු බටහිර බලවතුන්ට අනතුරු අඟවා ඇත.
මේ අතර පෙරේදා (14) රුසියාවේ මොස්කව් නුවර සංචාරයකට පැමිණි ඊශ‍්‍රායල අගමැති බෙන්ජමින් නෙදන්යාහු එරට ජනපති ව්ලැඩිමීර් පුටින් හමුවී සිරියානු අර්බුදය සම්බන්ධයෙන් දීර්ග වශයෙන් සාකච්ඡා පැවැත්වීය.
ඇමෙරිකාවේ හිතවතා වන ඊශ‍්‍රායලය සිරියානු කැරැලිකරුවන්ට සහාය දෙයි. රුසියාව සහාය දෙන්නේ සිරියානු රජයටය. සිරියානු අර්බුදය සාර්ථකව විසඳීමට නොහැකි වී ඇත්තේ ලෝකය බල කඳවුරු දෙකකට වෙන් වී සිටීමටය.
සිරියානු අර්බුදය විසඳීම සම්බන්ධයෙන් බි‍්‍රතාන්‍ය අගමැති ඬේවිඞ් කැමරන්, ඇමෙරිකා රාජ්‍ය ලේකම් ජෝන් කෙරී ද මොස්කව් නුවරදී පසුගියදා ජනපති පුටින් හමුවී සාකච්ඡා කළේය.



අදහස් (0)

එක්සත් ජාතීන්ගේ මහ සමුළුවේදී සිරියා රජයට එරෙහිව යෝජනාවක්

මර්සි ලංකා Monday, 20 May 2013 12:01 AM

අපගේ ආසියාවේ වගේම අරාබිකරයේද ඔවුන්ගේ එකමුතුවක් නැත. බටහිර බලවතුන් නිසිසේ මේ රටවල් සුරාකෑමට එකිනෙකා කොටවා තමන්ගේ අරමුණ ඉටු කර ගනී. දුප්පත් වුණාට ඕක තමයි වෙන්නේ. (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 110 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 748 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 370 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site