එක්සත් ජාතීන්ගේ සංවිධානයේදීය (රොයිටර්)
පලස්තීන සිවිල් වැසියන්ට එරෙහිව ප්‍රමාණය ඉක්මවා යමින් බලය යෙදීම සම්බන්ධයෙන් එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මහ මණ්ඩල සැසියේදී ඊශ්‍රායලයට චෝදනා එල්ල විය.
එම චෝදනාවලට අමතරව ‘පලස්තීන භූමි ප්‍රදේශ’ ආරක්ෂා කිරීම සඳහා ‘ජාත්‍යන්තර ආරක්ෂක යාන්ත්‍රණයක්’ නිර්දේශ කරන්නැයි ද මහ මණ්ඩල සැසියේදී එක්සත් ජාතීන්ගේ මහ ලේකම් ඇන්තෝනියෝ ගුටරෙස්ට ඉල්ලීමක් ද ඉදිරිපත් විය.
මෙහිදි යෝජනාවක් ද සම්මත කෙරුණු අතර ඊට පක්ෂව ඡන්ද 120ක් ද විරුද්ධව 8ක් ද ලැබිණි.
රටවල් 45ක් ඡන්දය ප්‍රකාශ කිරීමෙන් වැළැකී සිටියේය. ඇල්ජීරියාව, තුර්කිය සහ පලස්තීනය අදාළ යෝජනාව මහ මණ්ඩල සැසියට ඉදිරිපත් කරන ලදි. කෙසේ වෙතත් මේ ආකාරයේම යෝජනාවක් මීට පෙර අවස්ථාවකදී එක්සත් ජාතීන්ගේ ආරක්ෂක කවුන්සිලයට ඉදිරිපත් වූ නමුත් ඇමෙරිකා එක්සත් ජනපදය එම යෝජනාවට එරෙහිව නිෂේද බලය භාවිත කළේය.
ගාසා තීරයේ සිට ඊශ්‍රායල සිවිල් වැසියන් ජීවත්වන ප්‍රදේශවලට එල්ල වන රොකට් ප්‍රහාර සම්බන්ධයෙන් එක්සත් ජාතීන්ගේ මහ මණ්ඩල සැසියට ඉදිරිපත් වූ ලියවිල්ලේ අන්තර්ගත වී තිබුණු නමුත් ගාසා තීරය පාලනය කරන ඉස්ලාමීය සංවිධානය වන හමාස් සංවිධානය සම්බන්ධයෙන් එහි සඳහනක් නොවීය.
කෙසේ වෙතත් මහ මණ්ඩල සැසිවලට ඉදිරිපත් වන හා සම්මත වන යෝජනා සම්බන්ධයෙන් නෛතික බැඳීමක් නොමැති වුවත් දේශපාලනමය වටිනාකමක් තිබේ.
055



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd