පරිගණක කී‍්‍රඩා කිරීම තහනම් කළේයැයි කෝප වු 13 හැවිරිදි දරුවෙක් සිය මවට වෙඩි තබා මරා දැමූ පුවතක් ඇමරිකාවේ අයෝවා ප‍්‍රාන්තයෙන් වාර්තා වේ.

මේ සම්බන්ධ නඩු විභාගය මේ දිනවල විභාගයට ගැනෙයි.සිය මව මරා දැමූ දරුවා පොලිස් හදිසි අනතුරු අංශය අමතා තමන් තම මවට වෙඩි තබා මරා දැමුයේයැයි පවසා ඇති අතර පොලිස් නිළධාරීන් ඒ ගැන එතරම් සැළැකිල්ලක් දක්වා නැත.

එහෙත් මේ දරුවා නැවත නැවත තමන් මේ කරන්නේ විහිළුවක් නොවන බව පවසා සිටි හෙයින් සොයා බැලූ තැන දරුවා සිටි නිවසේ වෙඩි තබා ඝාතනය කර තිබූ කාන්තාවකගේ මළ සිරුරක් සොයා ගැනීමට එහි ගිය පොලිස් නිළධාරීන්ට හැකිව තිබේ.

මියගොස් සිටි කාන්තාව ග්‍රෙචන් කෘක්ස් (37) නම් වූ අතර ඇය මේ දහතුන් හැවිරිදි නොවා කෘක්ස්

නම් දරුවාගේ මව බව පොලිසිය පසුව කළ පරීක්ෂණ වලදී තහවුරු කරගෙන තිබේ.නෝවා වෙඩි තැබීමට භාවිතා කළේ යැයි සැකකළ මිලිමිටර .22 වර්ගයේ පිස්තෝලයක්ද පොලිස් භාරයට ගෙන තිබුණි.

නෝවාගේ පියා අධිකරණය හමුවේ සාක්ෂි දෙමින් පවසා සිටියේ සිය දරුවාත් තම බිරිදත් අතර නොයෙක් අවස්ථාවන්හි ආරවුල් ඇතිවූවත් ඒවා ඉක්මනින්ම සමථයකට පත්වූ බවයි.මේ සිද්ධිය වුණු දිනයේදී තමන් සිටියේ සාදයක බවත් තම දුරකථනයට කෙටි පණිවුඩයක් එවූ නෝවා මේ ගැන සදහන් කළද තමන් එය නොසළකා හැරි බවත් පසුව පොලිස් නිළධාරියෙක් තමන් අමතා මේ ගැන පැවසූ විට නෝවා තමන්ට එවූ කෙටිපණිවුඩයේ තිබූයේ සත්‍ය බව තමන් වටහාගත්තේ යැයිද ඔහු පැවැසීය.

නෝවා වෙනුවෙන් පෙනී සිටි නිතිඥයා අධිකරණය හමුවේ කරුණු දක්වමින් නෝවා මෙවර වාර විභාගයට අඩුවෙන් ලකුණු ගත් නිසා ඔහුගේ නිදහස සීමා කිරීමට ග්‍රෙචන් කි‍්‍රයාකරමින් සිට ඇතැයි කීය.අන්තිමේදී

පරිගණක ක‍්‍රීඩා කිරීමත් තහනම් කළ විට දැඩි සේ කෝපාවිෂ්ටව ඇති නෝවා දෙවරක් නොසිතාම ග්‍රෙචන්ට වෙඩි තබා ඇතැයිද සිදුවීමේ බරපතලකම ඔහුට තේරී ඇත්තේ පසුව යැයිද නීතිඥයා පැවැසීය.

දෛවයේ සරදමක් මෙන් ග්‍රෙචන්ට මරු කැදැවූ පිස්තෝලය ඇය විසින්ම නෝවාට පෙර උපන්දිනයකදී

තෑගි කරන ලද්දක් බවද හෙළිව ඇත.

නෝවාට ලබාදිය යුතු දඩුවම ගැන මෙතෙක් අවසන් තීරණයක් ගෙන නොමැත.