IMG-LOGO

2025 දෙසැම්බර් මස 25 වන බ්‍රහස්පතින්දා


උතුරු කොරියානු නායකයා චීනයේ බීජිං අගනුවරට

බීජිංහිදීය (ඒ.එෆ්.පී)

සිය පළමු නිල විදෙස් සංචාරය සඳහා උතුරු කොරියානු නායක කිම් ජොන් උන් චීනයේ බීජිං අගනුවරට පැමිණි බවට ජපාන මාධ්‍ය අද (27) වාර්තා කළේය.
 
විශේෂ ගෞරවයක් සහිත ආරක්ෂාවක් යටතේ දුම්රියක් චීනයේ බීජිං නුවරට පැමිණීමත් පසුව එය පිටව යෑමත් සමඟ එම පුවත් පළ විය.
 
එම දුම්රියේ පැමිණ ඇත්තේ උතුරු කොරියානු නායකයා බව ද එම පුවත් වාර්තාවල දැක්විණි. චීනයේ බීජිං අගනුවර ස්ථාන කිහිපයකටම දැඩි ආරක්ෂාවක් ලබා දී තිබූ අතර බොහෝ ස්ථානවල පොලිස් ආරක්ෂක රථ සහ විශේෂ ප්‍රභූ ආරක්ෂිත රථ, පෙර ගමන් රථ දක්නට තිබිණි. 
 
මෙසේ විශේෂ ආරක්ෂාව ලබා දී තිබුණේ උතුරු කොරියානු නායකයා චීන ජනාධිපති ෂී ජින්පින්ග් හමුවට පැමිණි නිසා යැයි ජපාන මෙන්ම දකුණු කොරියානු මාධ්‍යය ද වාර්තා කර තිබිණි. 
 
උතුරු කොරියාවේ විශේෂ නියෝජිතයකු බීජිං නුවරට පැමිණි බව චීන රාජ්‍ය තාන්ත්‍රික නිලධාරීන් ප්‍රකාශ කළ ද පැමිණියේ කවුද යන්න නිශ්චිතව ප්‍රකාශ කළ නොහැකි බව එම නිලධාරීහූ ප්‍රකාශ කළහ. 
 
උතුරු කොරියානු නායකයා චීනයට පැමිණියා නම් එය සඟවන්නට හේතුවක් නැතැයිද ඒ පිළිබඳ තොරතුරු තිබුණා නම් ප්‍රසිද්ධියට පත් කරන බව ද නිලධාරීහු කීහ. 
 
චීනයට පැමිණ ගියේ උතුරු කොරියානු නායකයා නම් 2011 වසරේදී බලයට පත්වීමෙන් පසු හෙතෙම විදෙස් සංචාරයක නිරත වූ පළමු අවස්ථාව මෙය වනු ඇත. 
 
උතුරු කොරියානු නායකයාට චීන ජනාධිපතිවරයා හමුවීමට හේතු කිහිපයක්ම තිබේ. උතුරු කොරියානු නායකයා සහ දකුණු කොරියානු ජනාධිපති මූන් ජායි ඉන් සහ ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඞ් ට්‍රම්ප් අතර සාකච්ඡා පැවැත්වීමට නියමිතව තිබේ. 
උතුරු කොරියා නායකයා සහ ඇමෙරිකා ජනාධිපති ට්‍රම්ප් අතර සාකච්ඡාවට බොහෝ විට ලබන මැයි මාසයේදී පැවැත්වෙනු ඇතැයි ද උතුරු කොරියානු නායකයා සහ දකුණු කොරියානු ජනාධිපති මූන් ජායි ඉන් අතර හමුව අප්‍රේල් මස අගදී පැවැත්වෙනු ඇතැයි ද පැවසේ. 
 
055



අදහස් (0)

උතුරු කොරියානු නායකයා චීනයේ බීජිං අගනුවරට

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 490 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 259 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1054 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site