IMG-LOGO

2025 දෙසැම්බර් මස 31 වන බදාදා


උතුරු කොරියානු නායකයාගේ ඉහළ නිලධාරියෙක් සිංගප්පූරුවට

ටෝකියෝහිදීය (රොයිටර්)
 
උතුරු කොරියානු නායක කිම් ජොන්ග් උන්ගේ ඉහළ නිලධාරියකු සඳුඳා, එනම් ඊයේ (28) රාත්‍රියේ සිංගප්පූරුවට පැමිණ ඇතැයි ජපානයේ රාජ්‍ය විකාශන ආයතනය වන ‘එන්.එච්.කේ’ පුවත් සේවය අද (29) වාර්තා කළේය.
 
මෙය ඇමෙරිකා එක්සත් ජනපද නායක ඩොනල්ඩ් ට්‍රම්ප් සහ උතුරු කොරියානු නායක කිම් ජොන්ග් උන් අතර හමුව පැවැත්වෙන බවට දුන් එක් ඉඟියක් යැයි ජාත්‍යන්තර දේශපාලන විශ්ලේෂකයෝ පවසති.
 
සිංගප්පූරුවට පැමිණ ඇත්තේ කිම් ජොන්ග් උන්ගේ කාර්ය මණ්ඩලයේ නිල නොලත් ප්‍රධානියා වන කිම් චන්ග් සන්ය.
 
හෙතෙම චීනයේ බීජිං අගනුවර සිට සඳුඳා රාත්‍රියේ සිංගප්පූරුව බලා පිටත්ව ගොස් තිබේ.
 
මේ අතරවාරයේදී ඇමෙරිකා එක්සත් ජනපදයේ රාජ්‍ය නිලධාරීන් පිරිසක් ද සිංගප්පූරුවට පැමිණ ඇතැයි එන්.එච්.කේ පුවත් සේවය වාර්තා කළේය. 
 
ධවල මන්දිරයේ මෙහෙයුම් කටයුතු පිළිබඳ කාර්ය මණ්ඩලයේ නියෝජ්‍ය ප්‍රධානී ජෝ හැගින් ඇතුළු පිරිසක් එලෙස සිංගප්පූරුවට පැමිණ තිබේ. 
 
ඔවුන් පිරිස ද සඳුඳා රාත්‍රීයේ ජපානයේ යාකෝටාහි ස්ථාපිත ඇමෙරිකා එක්සත් ජනපද ගුවන් හමුදා කඳවුරෙන් සිංගප්පූරුව වෙත ගමන් කර ඇතැයි එන්.එච්.කේ පුවත් සේවය සඳහන් කළේය. 
 
055



අදහස් (0)

උතුරු කොරියානු නායකයාගේ ඉහළ නිලධාරියෙක් සිංගප්පූරුවට

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 71 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 728 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 350 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site