සුන්ඩා ෆ්ලයින් ලීමර් ලෙස හඳුන්වන උණහපුළුවකු තම සිරුරම තොටිල්ලක් ලෙස යොදා ගනිමින් විවේකීව සිටින ආකාරය ඡායාරූපයට නැගීමට හැන්සි නම් ඡායාරූප ශිල්පියකු සමත්ව ඇත. ගස්මත දුවපැන වෙහෙසට පත්වූ උණහපුළුවා විවේකීව සිටිනු දක්නට ලැබුණේ ඉන්දුනීසියාවේ සැම්බාස්හි වනෝද්‍යානයක දී  බව ඔහු පවසයි. අඩි පහක් පමණ උසින් තම ගාත්‍රා හතරෙන් අතු කැබැල්ලක එල්ලී නම්‍යශීලී තම පිටුපස කොටස මල්ලක් ලෙස උපයෝගීකැරගෙන ඇති අයුරු මේ ඡායාරූපවලින් පැහැදිලිව දක්නට ලැබෙයි.

දිවා කාලයේ අධික හිරු එළියෙන් බේරීමට ඇස් පියාගන්නා උණහපුළුවා පැසක් වැනි තම සිරුරේ ගුලි වී විවේක ගන්නා ආකාරය ද මේ ඡායාරූපවල පැහැදිලිව පෙනෙන්නට තිබේ. හැන්සි පවසන්නේ උණහපුළුවා විනාඩි 15ක් පමණ මේ ආකාරයෙන් එල්ලී සිටි බවයි. අඟල් 15ක් පමණ දිගැති මේ සතාගේ වල්ගය අඟල් පහක් පමණ වන බවත් බර රාත්තල් තුනක් පමණ වේ යැයි අනුමාන කළ හැකි බවත් හැන්සි කියයි.

lemur (5) lemur (4) lemur (3) lemur (2) lemur (1)