ඊශ්‍රායල හා පලස්තීන නායකයන් සාකච්ඡාවකට කැමැති නම් අවශ්‍ය පසුබිම සහ සහයෝගය ලබාදීමට සූදානම් බව චීනය පවසයි.
ඊශ්‍රායල අගමැති බෙන්ජමින් නෙදන්යාහු සහ පලස්තීන ජනාධිපති මොහොමද් අබ්බාස් යන නායකයන් සමඟ ලබන සතියේදී වෙන වෙනම ද්විපාර්ශවීක සාකච්ඡා පැවැත්වීමට චීනය සූදානමින් සිටියි.
මෙම තීරණය මැදපෙරදිග කටයුතු සම්බන්ධයෙන් චීනයේ උනන්දුව පෙන්වීමට ගන්නා උත්සහායක් බව විචාරකයෝ පෙනවා දෙති.කෙසේ වෙතත් පසුගිය කාලයේදී චීනය මැද පෙරදිග අර්බුදවලට මැදිහත් නොවීය.
ඊශ්‍රායල නායකයකු චීනයේ සංචාරයක නිරත වන්නේ 2007 වසරෙන් පසුවය. අවසන් වරට චීනයේ සංචාරයක නිරත වූයෙ ඊශ්‍රායලයේ හිටපු අගමැති ඉහුද් ඔල්මාර්ට් මහතාය.ඊශ්‍රායල පලස්තීන අර්බුදයට විසඳුමක් දීම සඳහා මැදිහත් වීමට චීනය කිහිපවරක්ම උත්සහ කළ ද එය සාර්ථක නොවීය.
ඊශ්‍රායල පලස්තීන සාම සාකච්ඡා සම්බන්ධයෙන් පලස්තීන ජනාධිපති මොහොමඞ් අබ්බාස් මහතා සහ ඇමෙරිකා එක්සත් ජනපදයේ හිටපු රාජ්‍ය ලේකම් ජෝන් කෙරී මහතා අතර සාකච්ඡා පැවැත්වී මාසයකට පසු නෙදන්යාහු සහ මොහොමඞ් අබ්බාස් යන නායකයෝ මෙලෙස චීනයේ සංචාරයේ නිරත වෙති.
2025 දෙසැම්බර් මස 04
623
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
526
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
431
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
ඊශ්‍රායල් පලස්තීන සාකච්ඡාවකට පසුබිම සැකසීමට චීනය සූදානම්