ඊජිප්තු ජනාධිපති වරණයෙන් ජයග‍්‍රහණය කළ මුස්ලිම් සහෝදරත්වය නමැති දේශපාලන පක්ෂයේ නායක මොහොමඞ් මොර්සි ඊයේ (25) ජනතාව අමතමින් කියා සිටියේ නව රජයක් පිහිටුවීමට තමන් යුහුසුළුව කටයුතු කරන බවය.
ඊජිප්තු මැතිවරණ කොමිසම ප‍්‍රකාශ කර ඇත්තේ මොර්සි සියයට 51.73 ක ඡන්ද ප‍්‍රතිශතයක් ලබා ගනිමින් ජයග‍්‍රහණය කළ බවය. මොර්සිගේ ප‍්‍රතිවාදියා වූයේ හිටපු ඊජිප්තු ජනපති හොස්නි මුබාරක්ගේ රජයේ අගමැතිවරයකු වූ අහමඞ් ෂෆීක්ය.
දරදඬු පාලනයක දීර්ඝ ඉතිහාසයක් ඇති ඊජිප්තුවේ ප‍්‍රජාතන්ත‍්‍රවාදී ඡන්දයකින් ජනාධිපතිවරයකු පත් වූ පළමු අවස්ථාව මෙයයි.
වෘත්තියෙන් ඉන්ජිනේරුවරයකු වන මොර්සි සිය දේශපාලන දර්ශනය හේතුවෙන් හිටපු ජනාධිපති හොස්නි මුබාරක්ගේ රජයේ දේශපාලන සිරකරුවකු ව සිටි අයෙක් ද වෙයි.
මුස්ලිම් හෝ කි‍්‍රස්තියානි හෝ වේවා තමා සියලූම ඊජිප්තු වැසියන්ගේ ජනාධිපති යැයි මොර්සි රූපවාහිනිය ඔස්සේ ඊජිප්තු ජනතාව අමතමින් පැවැසීය.
මොර්සි ජයග‍්‍රහණය කළ බව ඊජිප්තු මැතිවරණ කොමිසම නිල වශයෙන් නිවේදනය කළ අවස්ථාවේදී මොර්සිගේ ආධාරකරුවන් දහස් ගණනින් කයිරෝ නුවර තරීර් චතුරස‍්‍රයට රැස්වී පී‍්‍රතිඝෝෂා කළ බව වාර්තා වේ.
ජනතා විරෝධතා හමුවේ පසුගිය වසරේ මාර්තු මාසයේදී හොස්නි මුබාරක් බලය අත්හැරියේ හමුදා පාලක මණ්ඩලයකට පාලනය පවරා දෙමිනි.
මොර්සිගේ බලතල අඩු කිරීමට එම හමුදා පාලක මණ්ඩලය උත්සාහ කරන බවට මේ වනවිට චෝදනා එල්ල වෙමින් පවතී. එම නිසා ඊජිප්තුවේ යළිත් වරක් ගැටුම් හටගැනීමේ අවදානමක් ඇතැයි දේශපාලන විචාරකයෝ බිය පළ කරති.

1
සොහොන් පිට්ටනිය නාය ගිහින් මාසයයි:තවමත් මිනී පාර දිගේ
COMMENTS
ඊස්‍රායලය වෙව්ලනවලු.....
ගහල බලමු ද ඊශ්ට්‍රයල් වල ට ? වෙව්ලනවද නැද්ද බලන්න ?
නීතිගරුක හොද නායකයෙක් වේවා!
මම ඉන්නෙත් ඊශ්‍රායෙල්.ඔය කියන මිනිස්සු ඊශ්‍රායෙල් ගැන දන්නෙවත් නෑ
ලංකාවේ කෆීර් ගුවන් යානා දැන් ඊශ්‍රායලයෙන් ගෙන්නපුවා තියෙන්නේ.ඊශ්‍රායලයේ ඒවා දැන් කටුගෙට දාලා
අපරාදේ රටේ විනාශය
ඒකාධිපති වාදය තුරන් වී සැමටම ප්‍රජාත්‍රන්තවාදය උදා වේවා!
ලංකාවෙත් තව ටික කාලයකින්, කෆීර් යානා ටික ගෞරවනීය විදිහට කෞතුකාගාරයක තැන්පත් කරන්න ඉඩ තියනවා, යුද්දෙදි ඒවායෙන් ලැබුනේ කියාගන්න බැරි තරම් සහයෝගයක්, ඇමෙරිකාව එපා කියද්දී ඒවා අප රටට ලබාදුන්, මා සේවය කරනා ඉශ්රායලයටත් මගේ ආචාරය...