IMG-LOGO

2025 නොවැම්බර් මස 25 වන අඟහරුවාදා


ඊජිප්තුවේ දිගටම ගැටුම්

හමුදා කුමන්ත‍්‍රණයකින් බලයෙන් පහ කෙරුණු ජනාධිපති හොස්නි මුබාරක්ගේ මුස්ලිම් සහෝදරත්වය පක්ෂ ආධාරකරුවන් සහ ජනපතිවරයා බලයෙන් නෙරැුපීමට හමුදාවට අනුබල දුන් විපක්ෂ කි‍්‍රයාකාරීන් අතර පෙරේදා (31) ද කයිරෝ නුවර කේන්ද්‍රකොට ගනිමින් දරුණු ගැටුම් සිදුවිය.


මොර්සි ආධාරකරුවන් පලවා හැරීමට යළිත් වරක් හමුදාව යොදවා තිබුණු අතර පොලිසිය කලහකාරීව හැසිරුණු පිරිසට වෙඩි තැබූ බව ද වාර්තා විය.


හමුදා පාලනයටත්, හමුදා පාලකයන් පිහිටුවූ අන්තර්වාර රජයටත්, පටු දේශපාලනික අරමුණු වෙනුවෙන් හඬ නගන විපක්ෂ දේශපාලන කණ්ඩායම්වලටත් එරෙහිව ඇරැුඹූ සටන අත් නොහරින බව ජනාධිපති මොර්සිගේ මුස්ලිම් සහෝදරත්වය පක්ෂය අවධාරණය කර ඇත.


ජනපති මොර්සි හමුදා කුමන්ත‍්‍රණයක් මගින් ඉකුත් 3 වැනිදා නෙරපා දැමුණේ, විපක්ෂ දේශපාලන පක්ෂයක් වන ‘ටැමරොඞ්’ පක්ෂය සහ එරට ප‍්‍රධාන සන්ධාන දේශපාලන පක්ෂය වන ඊජිප්තු ජාතික ගැලැවීමේ පෙරමුණ මැදිහත් වී පැවැති විරෝධතා හේතුවෙනි.
හමුදා කුමන්ත‍්‍රණයෙන් පසු නව අන්තර්වාර ජනපති ලෙස පත් වූ අඞ්ලි මන්සූර් ඉකුත් 10 වැනිදා නව ව්‍යවස්ථා ආඥාවක් ඉදිරිපත් කළ අතර, එය ප‍්‍රතික්ෂේප කරන බව ඊජිප්තු ජාතික ගැලැවීමේ පෙරමුණ සහ ‘ටැමරොඞ්’ පක්ෂය එකහෙළා කියා සිටී.



අදහස් (0)

ඊජිප්තුවේ දිගටම ගැටුම්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 101 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 186 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 1047 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

Our Group Site