හමුදා කුමන්ත‍්‍රණයකින් බලයෙන් නෙරපා දැමුණු ඊජිප්තුවේ ප‍්‍රථම ප‍්‍රජාතන්ත‍්‍රවාදී ජනපති මොහොමඞ් මොර්සි පෙරේදා (4) කයිරෝ අගනුවර අධිකරණයක් හමුවට ඉදිරිපත් කළ අවස්ථාවේ, කියා සිටියේ තමන් තවමත් ඊජිප්තුවේ නීත්‍යාණුකූල ජනපතිවරයා බවය.

නඩු විභාගය පැවැත්වුණේ, ජනපති මොර්සි බලයේ සිටිද්දී, විපක්ෂ කි‍්‍රයාකාරීන් පස් දෙනකු වද බන්ධනයට ලක් කර මරා දැමීමට අණ කළේ යැයි එල්ල වී ඇති චෝදනා සම්බන්ධයෙනි.

මොර්සි, එම විපක්ෂ කි‍්‍රයාකාරීන් පිරිස මරා දැමීමට අණ දී ඇත්තේ 2012 වසරේ දෙසැම්බර් 5 වැනිදාය. පිරිස වධබන්ධනයට ලක් කර මරා දැමුණේ ද කයිරෝ නුවර ජනපති මන්දිරය ඉදිරිපිටදීය.

තමාට එල්ල වී ඇති චෝදනා ප‍්‍රතික්ෂේප කරමින් මොර්සි පවසා ඇත්තේ, වත්මන් අන්තර්වාර රජයේ පාලකයන්ට සහ හමුදා නායකයන්ට එරෙහිව කටයුතු කිරීමට අධිකරණය පියවර ගත යුතු බවය.

මොර්සි අධිකරණයට යොමු කළ අවස්ථාවේදී ඔහුගේ නිදහස් සහ යුක්තිය පක්ෂයේ ආධාරකරුවන් කයිරෝ නුවර විරෝධතා රැුලි පැවැත් වූහ. විරෝධතාකරුවන් එක හඬින් කියා සිටියේ, මොර්සි වහා නිදහස් කළ යුතුය කියාය.

නඩු විභාගය ආරම්භ වීමත් සමඟ කයිරෝ නුවර ආරක්ෂාව තර කෙරුණි. ඊජිප්තු අන්තර්වාර රජය, ආරක්ෂක අංශ සාමාජිකයන් 25,000 ආරක්ෂක කටයුතු වෙනුවෙන් යොදවා තිබුණි. විරෝධතාකරුවන් සහ ආරක්ෂක අංශ සාමාජිකයන් අතර දරුණු ගැටුම් හට ගැණින.


 

ආරක්‍ෂක රැකවල් මැද මොර්සි අධිකරණය හමුවට...
 
මොර්සිගේ ආධාරකරුවෝ පොලිස් අත්අඩංගුවට.