ඊජිප්තුවේ ලුක්සෝ නගරයෙන් දැවමය පෙට්ටිවල දැමූ මමී 30ක් හමුවී ඇති අතර එය වසර 100ක පමණ කාලයකදී සොයාගත් විශාලම තොගය බව පුරාවිද්‍යා බලධාරීහු පවසති.
මීට පෙර 1891 හා 1881 වර්ෂවලදී මමි සොයාගෙන ඇති අතර ඒවා විදේශීය පුරාවිද්‍යාඥයින්ගේ මැදිහත්වීම මත අණාවරණය කරගත් බවද මෙම අවස්ථාවේ විදේශීය මැදිහත්වීමකින් තොරව ඊජිප්තු පුරාවිද්‍යාඥයින් විසින් සොයාගත් බවද සඳහන් වේ.
අවුරුදු 3000ක් පමණ පැරණි මෙම මමි හොඳින් ආරක්ෂා වී තිබුණු බවත් වර්ණ ගන්වා තිබූ බවත් බලධාරීහු පවසති. කාන්තාවන්ගේ, පිරිමින්ගේ හා කුඩා දරුවන් දෙදෙනකුගේ සිරුරු ඒ අතර තිබී ඇත.
සිරුරු සම්පූර්ණයෙන්ම රෙදි වලින් ඔතා හොඳින් මුද්‍රා තබා වැලි පොළවේ අඩි තුනක් යට පිළිවෙළට අසුරා තිබූ බව පුරාවිද්‍යාඥයෝ පවසති.
මමී බහා තිබූ පෙට්ටි සංකීර්ණ කැටයම් නිර්මාණවලින් අලංකාර කර තිබූ අතර සමහර පෙට්ටිවල මියගිය තැනැත්තාගේ නම පවා සටහන් කර තිබූ බව ද ඔවුහු වැඩිදුරටත් පවසති.

(සීඑන්එන් ඇසුරිණි - 085)
COMMENTS
ඊජිත්තුවේ එක්සත් ජාතික පක්ෂ රජය තිබ්බා නම් ඔය මමී දැනටමත් අතුරුදහන්...
රාජපක්ෂවරු ලෙස සංශෝධනය විය යුතුය. කටුගේ කේස් එක අමතකද?