IMG-LOGO

2025 දෙසැම්බර් මස 30 වන අඟහරුවාදා


ඉරාන ජනපති ගමන් කළ හෙලිකොප්ටරයේ දෝෂයක්

ඉරාන ජනාධිපති මොහොමඞ් අහමදිනෙජාද් ගමන් කළ හෙලිකොප්ටරයක යාන්ති‍්‍රක දෝෂයක් හට ගැනීමෙන්, එය හදිසියේ ගොඩබෑමට එහි නියමුවාට සිදුවිය.
එයින් ජනපතිවරයාට හෝ යානයේ ගමන් කළ කිසිවකුට හෝ අනතුරක් සිදු නොවිණි.
එම අවස්ථාවේදී ජනපතිවරයා ඔහුගේ ආරක්ෂක නිලධාරීන් සහ රාජ්‍ය නිලධාරීන් පිරිසක් ද පිරිවරාගෙන උතුරුදිග ඉරානයේ  උමං මාර්ගයක් විවෘත කිරීමේ උත්සවයකට සහභාගී වීමට යමින් සිටියේය.
හෙලිකොප්ටරයේ දෝෂය හටගන්නා විට එය උතුරුදිග ඉරානයේ කඳුකරබඳ ප‍්‍රදේශයකට ඉහළින් පියාසර කරමින් තිබිණි. එය ගොඩබෑවේ වනාන්තර ප‍්‍රදේශයකටය. වහා කි‍්‍රයාත්මක වූ ආරක්ෂක නිලධාරීන් විනාඩි කිහිපයක් ඇතුළතදී එම ස්ථානයට පැමිණි බව ද වාර්තා වේ.
ජනපතිවරයාගේ දිවි බේරුණේ හෙලිකොප්ටරයේ නියමුවාගේ දස්කමින් යැයි ද ඉරාන පුවත් සේවා වැඩි දුරටත් කියා සිටී. සිද්ධිය ගැන විශේෂ පරීක්ෂණයක් පැවැත්වෙන බව ද පැවැසෙයි. 



අදහස් (0)

ඉරාන ජනපති ගමන් කළ හෙලිකොප්ටරයේ දෝෂයක්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 56 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 719 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 342 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site