IMG-LOGO

2025 දෙසැම්බර් මස 31 වන බදාදා


ඉරාක හමුදා බැග්ඩෑඩ්-බස්රා පෙළපාලිකරුවන් 10 ක් මරා දමති

ඉරාක ආරක්ෂක හමුදා විසින් රාජ්‍ය විරෝධී පෙළපාළිකරුවන් 10දෙනකු වෙඩිතබා ඝාතනය කර ඇතැයි වාර්තා වේ.

බැග්ඩෑඩ් නගරයේ හය දෙනකු මරාදමා ඇති අතර දකුණු දිග බස්රා නගරයේ හතරදෙනකු මරාදමා ඇත.

සති ගනනක් පුරා පැවති විරෝධතා වලදී ඇතිවූ මාරාන්තික ප්‍රචණ්ඩ ක්‍රියා හේතුවෙන් බොහෝදෙනකු තුවාල ලබා ඇති බවද පැවසේ.

ඉරාකයේ පාලක දේශපාලන ප්‍රභූ පැළැන්තියට එරෙහිව විරෝධතා ආරම්භවූ අතර ටයර් පුළුස්සමින් පාරවල් අවහිර කරමින් විරෝධතාකරුවන් හැසිරුණු බව මාධ්‍ය වාර්තා කර ඇත. 

රැකියා හිඟය, පිරිසිදු ජල හිඟය, දුර්වල අධ්‍යාපන හා සෞඛ්‍ය සේවා සහ දූෂණය යන කරුණු ඔවුහු අවධාරණය කළහ.

මධ්‍යම බැග්ඩෑඩ්හි ෂුහාඩා පාළම අසලදී ආරක්ෂක අංශ විරෝධතාකරුවන්ට සජීවී වෙඩි ප්‍රහාර එල්ල කළහ.

බස්රා නගරයේ දින ගනනාවක් වාඩිවී සිටිමින් විරෝධතාවයේ යෙදුණු පෙළපාලිකරුවන්ට ද ආරක්ෂක අංශ වෙඩිතැබූහ.

පෙළපාලි ආරම්භවූ ඔක්තෝබර් පළමුවන දින සිට මේ දක්වා 260කට වැඩි පිරිසක් මියගොස් තිබේ.

(රොයිටර් පුවත් ඇසුරිණි - 085)

 



අදහස් (0)

ඉරාක හමුදා බැග්ඩෑඩ්-බස්රා පෙළපාලිකරුවන් 10 ක් මරා දමති

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 60 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 723 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 344 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site