IMG-LOGO

2025 දෙසැම්බර් මස 31 වන බදාදා


ඉරාකයේ හබානියා හමුදා කඳවුරේ බෝම්බ පිපිරීමක්

බටහිර ඉරාකයේ හමුදා කඳවුරකට අයත් බසයක අටවා තිබූ බෝම්බයක් ඊයේ (14) දහවල් පුපුරා යාම නිසා පුද්ගලයන් 15 දෙනකු මියගිය අතර 20 දෙනෙක් තුවාල ලැබූහ.බැග්ඩෑඩ් නගරයට කි.මී. 85ක් බටහිර දෙසට පිහිටි ෆලූජා නගරය අසල හබානියා හමුදා කඳුවුර තුළ සිදු වූ මෙම බෝම්බ පුපුරා යාම හේතුවෙන් එහි ගොඩනැගිලිවලටද හානි සිදුවී ඇතැයි හමුදා කඳවුරේ උසස් නිලධාරියෙක් පැවසීය.උදය වරුවේ පුහුණුව නිමවීමෙන් පසු දිවා ආහාරය සඳහා සෙබළු රැගත් බසය කඳවුරේ අවන්හලක් වෙත ළඟාවෙමින් තිබියදී බෝම්බය පුපුරා ගිය බව එම නිලධාරියා තව දුරටත් පැවසීය.තවත් ස්ථානයක සිදුවූ බෝම්බ පිපිරීමක් නිසා අඩු තරමින් 25වත් තුවාල ලබා ඇතැයි ප‍්‍රංශ පුවත් සේවය කියා සිටී.පාකිස්තානයේ, අල්හම්සා නගරයේ, අවන්හලක් හා සාප්පු සංකීර්ණයක් ඉදිරියේ සිදු වූ මෙම බෝම්බ පිපිරීමේ වගකීම මෙතෙක් කිසිවකු භාරගෙන නොමැත.ඇමෙරිකාව ප‍්‍රමුඛ හමුදා ඉරාකය අත්කර ගෙන වසර නවයකට වැඩි කාලයක් ගතවී ඇති අතර, ඉරාක තුළ බෝම්බ පිපිරවීම් දැනට සුලභ සිද්ධීන් බවට පත වී තිබේ.ඉරාක හමුදා ඉලක්ක කරගෙන එල්ල වන ප‍්‍රහාර වැඩිවෙමින් පවතී. ඉරාක පොලිසියට හා හමුදාවට තවත් පුහුණුව ලබාදීම සඳහා ඇමෙරිකානු භට පිරිස් අවශ්‍ය හෙයින් මේ වසරේ දෙසැම්බර් 31ට සියලූම ඇමෙරිකානු හමුදා ඉවත් නොකරන ලෙස ඉල්ලීම් කිරීමට ඉරාන දේශපාලන නායකයෝ තීරණය කර සිටිති.



අදහස් (0)

ඉරාකයේ හබානියා හමුදා කඳවුරේ බෝම්බ පිපිරීමක්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 63 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 723 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 344 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site