ඉරාකයේ බැග්ඩෑඩ් නුවර එළවළු වෙළඳපොළකට එල්ලවූ කාර් බෝම්බ ප්‍රහාරයකින් 11 දෙනකු මියගොස් තවත් විශාල පිරිසක් තුවාල ලබා ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා පවසයි.

ආරක්ෂක නිලධාරීන් බෝම්බ රැගත් කාරයට වෙඩි තැබුවද රියදුරා පළාගිය බව ඉරාක අභ්‍යන්තර කටයුතු අමාත්‍යංශයේ ප්‍රකාශකයකු කියා ඇත.

අයිඑස් ත්‍රස්ත සංවිධානය ප්‍රහාරයේ වගකීම භාරගෙන ඇතැයි වාර්තාවේ. ජනවාරි 2 වැනිදා ෂියා මුස්ලිම්වරුන් ඉලක්ක කර බැග්ඩෑඩ් නුවරට එල්ලවූ ප්‍රහාරයට සමාන එකක් ලෙස මෙම ප්‍රහාරයද හැඳින්විය හැකි බව විදෙස් මාධ්‍ය කියයි.

web312509_mediaitem93312506