IMG-LOGO

2025 දෙසැම්බර් මස 30 වන අඟහරුවාදා


ඉරාකයේ බැග්ඩෑඞ් නුවර බෝම්බ ප‍්‍රහාර දෙකක්

බැග්ඩෑඞ් නගරයේ ස්ථාන දෙකකට පෙරේදා(25) එල්ල වූ බෝම්බ ප‍්‍රහාර දෙකකින් 12 දෙනකු ජීවිතක්ෂයට පත්වී ඇති අතර 39 දෙනකු තුවාල ලබා ඇතැයි ඉරාක හමුදා ප‍්‍රකාශකයෙකු පැවැසීය. උතුරින් පිහිටි හිලා ප‍්‍රදේශයේ පාපන්දු කි‍්‍රඩාංගනයක් අසල අටවා තිබූ කාර්බෝම්බයක් පුපුරායාමෙන් පුද්ගලයන් 8 දෙනකු ජීවිතක්ෂයට පත්ව ඇති අතර තිස් දෙදෙනකු තුවාල ලබා ඇතැයි ඔහු වැඩිදුරටත් සඳහන් කළේය. අනෙක් බෝම්බය පුපුරා ගොස් ඇත්තේ බැග්ඩෑඞ් නගරයට දකුණින් පිහිටි බකූබා නගරයේදීය. මාර්ගයක් අසල අටවා තිබූ එම බෝම්බයට හසුවීමෙන් සිව් දෙනකු ජීවිතක්ෂයට පත්ව ඇති බව වාර්තා වේ. මෙම ප‍්‍රහාරයත් සමඟ ඉකුත් ජූනි 13 වැනිදායින් පසුව ප‍්‍රහාරයන්ට ලක්ව මිය ගිය පුද්ගලයන්ගේ සංඛ්‍යාව 171 දක්වා ඉහළ ගොස් ඇතැයි ඉරාක ආරක්ෂක අංශ සඳහන් කරයි. වත්මන් ඉරාක අගමැති නූරි අල් මලිකිගේ පාලනය සම්බන්ධයෙන් එල්ලවන චෝදනා දිනෙන් දින වැඩිවීමත් සමඟ රට තුළ ප‍්‍රචණ්ඩ කි‍්‍රයාවල ද වර්ධනයක් දැක ගත හැකි බව විදෙස් විශ්ලේෂකයෝ පෙන්වා දෙති.



අදහස් (0)

ඉරාකයේ බැග්ඩෑඞ් නුවර බෝම්බ ප‍්‍රහාර දෙකක්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 18 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 701 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 333 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site