IMG-LOGO

2025 දෙසැම්බර් මස 07 වන ඉරිදා


ඉන්දු කාශ්මීරයට දිගටම ඇඳිරි නීතිය


ඉන්දියාවේ පාලනයට නතු කාශ්මීර ප‍්‍රදේශයට පැනැවූ ඇඳිරි නීතිය දිගටම කි‍්‍රයාත්මක කිරීමට තමන්ට සිදුවී ඇතැයි ප‍්‍රාන්ත බලධාරීහු පවසති. 
ඉන්දු කාශ්මීරයට ඇඳිරි නීතිය පැනවීමට බලධාරීන් පියවර ගත්තේ මීට සතියකට පෙර, ඉන්දීය රජය අෆ්තාල් ගුරු එල්ලා මරා දැමීමත් සමඟ හටගත් ප‍්‍රචණ්ඩ කි‍්‍රයා මැඬලීමටය.
2001 වසරේදී ඉන්දීය පාර්ලිමේන්තුවට එල්ල කළ ප‍්‍රහාරයට සම්බන්ධ චෝදනා ලැබ ඊට වරදකරු වූ බෙදුම්වාදී සටන්කාමියකු වන අෆ්තාල් ගුරුගේ මරණ දඬුවම කි‍්‍රයාත්මක කෙරුණේ ඉකුත් 9 වැනිදාය.
මුස්ලිම් ජාතිකයකු වන ගුරු ඉන්දු කාශ්මීරයේ වැසියෙකි. ඉන්දීය පාර්ලිමේන්තුවට පහර දුන්නේ ලෂ්කාර් ඊ තයිබා සහ ජයිෂ් ඊ මොහොම්මද් නමැති බෙදුම්වාදී සටන්කාමී සංවිධානයයි. ගුරු ද එම සටන්කාමීන් සමඟ සම්බන්ධකම් පැවැත් වූ බව තහවුරු විය.
2004 වසරේ දී ඉන්දීය ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ චෝදනාවලට වරදකරු වූ අෆ්තාල් ගුරු අට වසරක් මරණ දඬුවම නියමවූවන්ගේ ලැයිස්තුවේ සිටියේය. 
ගුරු එල්ලා මරා දැමීමත් සමඟ ඔහුගේ හිතවාදීහු ඔහු වීරයකු බව පවසමින් වීදි බැස ඉන්දීය මධ්‍යම රජයට එරෙහි විරෝධතා පෙළපාළි පවත්වන්න වූහ. විරෝධතාකරුවෝ අවස්ථා ගණනාවකදී පොලිසිය සහ හමුදාව සමඟ ගැටුම් ඇතිකර ගත්හ. ඇඳිරි නීතිය පැනැවීමට තීරණය කෙරුණේ ඒ අනුවය.



අදහස් (0)

ඉන්දු කාශ්මීරයට දිගටම ඇඳිරි නීතිය

සේන Monday, 18 February 2013 06:17 PM

අපි නම් හැමදාම පාකිස්ථානයට... (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 276 0
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 408 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 390 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site