IMG-LOGO

2025 දෙසැම්බර් මස 13 වන සෙනසුරාදා


ඉන්දියා ජනාධිපතිවරණය අද

ඉන්දියා ජනපතිවරණය අද (19) පැවැත්වෙන අතර එරට සභාග රජයේ හිටපු මුදල් ඇමැති ප‍්‍රණාබ් මුකර්ජි ඉන් ජයග‍්‍රහණය කරනු ඇතැයි අනාවැකි පළ වී තිබේ. මුකර්ජි (76) කොංග‍්‍රස් පක්ෂයේ ජ්‍යේෂ්ඨ ඇමැතිවරයෙකි. ඔහු 2004 වසරේ සිට 2006 තෙක් ඉන්දීය ආරක්ෂක ඇමැති ධුරයත්, 2006 සිට 2009 දක්වා විදේශ කටයුතු ඇමැති ධුරයත් හොබවා ඇත. මුකර්ජි ජනපතිවරණයට ඉදිරිපත්  වීමට තීරණය කළේ ඉන්දීය අගමැති මන්මෝහන් සිං සහ කොංග‍්‍රස් පක්ෂ නායිකා සෝනියා ගාන්ධිගේ ආරාධනය පිළිගනිමිනි. මුදල් ඇමැති ධුරය හොබවමින් සිටි ඔහු එම ධුරයෙන් ඉල්ලා අස් වූයේ ජනපතිවරණය සඳහා නාම යෝජනා බාර දීමට සූදානම්වූ අවස්ථාවේදීය. මුකර්ජිට අභියෝග කළ හැකි අපේක්ෂකයන් කිසිවකු නැති බවත් ඔහුට පහසුවෙන්ම ජනපතිධුරයට පත්විය හැකි බවත් ඉන්දීය දේශපාලන විචාරකයෝ පෙන්වා දෙති. ජනපති ධුරය සඳහා මේඝාලය ප‍්‍රාන්තයේ මහ ඇමැති පී.ඒ. සංගම් ද ඉදිරිපත් ව සිටී. ඔහු ස්වාධීන අපේක්ෂකයෙකි. ඔහු ලොක් සභාවේ හිටපු කතානායකවරයෙකි. 13 වැනි වරට ඉන්දීය ජනාධිපතිවරණය පැවැත්වෙන්නේ වත්මන් ජනපති ප‍්‍රතිභා පටෙල්ගේ නිල කාලය ජූලි මස 24 වැනිදායින් අවසන් වීම නිසාය. ඉන්දියාවේ ජනපති ධුරයට පත් ප‍්‍රථම කාන්තාව ඇයයි. ඇය ජනපති ධුරයට පත් වූයේ 2007 වසරේ ජූලි 25 වැනිදායි. ඉන්දියාවේ ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාව යටතේ එරට ජනාධිපතිවරයා නාමික රාජ්‍ය පාලකයකු වන අතර ඔහුට වඩා බලතල හිමි වන්නේ අගමැතිවරයාටය. ඉන්දියාවේ ජනපතිවරයකු පත් කර ගැනෙන්නේ සර්ව ජන ඡන්දයෙන් නොව ප‍්‍රාන්ත සභා සහ පාර්ලිමේන්තුවේ උභය මන්තී‍්‍ර මණ්ඩලවල මන්තී‍්‍රවරුන්ගේ ඡුන්දයෙනි. අද පැවැත්වෙන ජනාධිපතිවරණයේ ඡුන්ද ගණන් කිරීම ලබන 20 වැනි දා ආරම්භ වීමට නියමිත අතර එදිනම ප‍්‍රතිඵල ප‍්‍රකාශයට පත් කරන බව ඉන්දීය මැතිවරණ කොමිසම නිවේදනය කර තිබේ. ජනපතිවරණයට ප‍්‍රණාබ් මුඛර්ජී ඉදිරිපත් වන බව පැවැසීමත් සමඟ සභාග රජයේ සන්ධාන පක්ෂ ඊට විරෝධයක් පෑවේය.ප‍්‍රණාබ් මුඛර්ජි සහ පී.ඒ. සංගම් ජනපතිනි ප‍්‍රතිභා පටෙල් (වමේ) අගමැති සිං සමග



අදහස් (0)

ඉන්දියා ජනාධිපතිවරණය අද

මධු Thursday, 19 July 2012 04:38 PM

ලංකාවෙ ඡන්දයට වඩා ගොඩක් සාධාරණ විදිහට තියෙයි..

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 675 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 550 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 446 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site