උතුරු ඉන්දියාවේ ගංවතුර හා නාය යෑම් හේතුවෙන් අවතැන්වූවන් මුදා ගැනීමේ කටයුතුවල හා මෙහෙයුම්වල නිරතව සිටි ඉන්දීය ගුවන් හමුදාවේ හෙලිකොප්ටර් යානයක් අනතුරට ලක්වීමෙන් එම යානයේ සිටි පුද්ගලයෝ අටදෙනෙක් පෙරේදා (25) ජීවිතක්‍ෂයට පත් වූහ.
මියගිය අය අතර හෙලිකොප්ටර් යානයේ ගුවන් නියමුවන් දෙදෙනා හරුණු විට අනෙක් හය දෙනාම සිවිල් වැසියන් බව වාර්තා වේ.
මෙලෙස අනතුරට ලක්වූයේ ඉන්දීය ගුවන් හමුදාවට අයත් එම්.අයි. 16 වර්ගයේ හෙලිකොප්ටර් යානයකි.
මෙම ගුවන් අනතුරින් පසුව ඉන්දීය ගුවන් හමුදාවට අයත් තවත් හෙලිකොප්ටර් යානා 4 ක් තවදුරටත් උත්තරාකාන්ද ප‍්‍රාන්තයේ ගංවතුරට හා නාය යෑම්වලට හසුවූවන් මුදාගැනීමේ මෙහෙයුම් සඳහා යොදවා තිබේ.
එම ආපදාවලින් පීඩාවට පත්වූවන් මුදාගැනීමේ මෙහෙයුම්වලදී පෙරේදා (25) දිනයේදී පමණක් පුද්ගලයන් 6000 ක් මුදාගැනීමට සහන සේවා කණ්ඩායම්වලට හැකිවී ඇත.
මෙම ගංවතුර හා නායයෑම් ආපදාවලින් දහසකට වැඩි පිරිසක් ජීවිතක්‍ෂයට පත්වූ අතර මියගිය පුද්ගලයන්ගේ අවසන් කටයුතු සමූහ වශයෙන් සිදු කිරීමට ඉන්දීය බලධාරීන් විසින් කටයුතු කර ඇත.
COMMENTS
දෙයියෝ සාක්කි
ඉන්දියන් බඩු ඔහොම තමඊ දන්නේ නැද්ද (අ)
තමිල්නාඩුවට උල්කාපාතයක්වත් කඩාවැටියන්.(නදී)
අනේ පව් අසරණයෝ! ඕක ජයලලිතාගේ ගෙට උඩින් කඩන් වැටුනානම් මොකද අර අහිංසක ජීවිත ටික බේරලා.(නදී)
ඉන්දියාව අපිට කොයි තරම් කෙනිහිරි කම් කලත් කනගාටුයි මට මේ සිද්දියට (දී)
ඉන්දියන් බඩු කඩා වැටෙනවා තමයි (නි)
මේවා ඉතාම පරණ හෙලිකොප්ටර් (නි)
රටට සේවයක් කරන හමුදා නිලදාරීන් මරමුවට පත්වීම ජාතියේ අවාසනාවකි. (නි)