ඉන්දියාවේ උතුරු බැංගලූරු ප්‍රදේශයේ ඉන්දීය ගුවන් හමුදා සංදර්ශනය වෙනුවෙන් පැවති පුහුණු සැසියකදී ජෙට් යානා දෙකක් එකිනෙක ගැටී කඩාවැටීමෙන් ගුවන් නියමුවකු මිය ගොස් ඇතැයි වාර්තා වේ.
මෙම ජෙට් යානා දෙක සූරියකිරන් නම් ගුවන් කරණම් කණ්ඩායමට අයත් බව ඉන්දීය මාධ්‍ය පවසයි.
තුවාල ලැබූ තවත් ගුවන් නියමුවන් දෙදෙනෙකු ද රෝහල් ගත කර තිබේ.
හොව්ක් වර්ගයේ ජෙට් යානා දෙකක් එක්ව ඉදිරිපත් කළ සංදර්ශන ඉසව්වක් අතරතුර මෙම අනතුර සිදුව තිබේ.
ගිනිගෙන විනාශ වූ ජෙට් යානා කඩා වැටුණු ප්‍රදේශය වෙත පොලිස් ආරක්ෂාව යොදවා තිබේ.
මෙම වසරේදී ඉන්දීය ගුවන් හමුදා සංදර්ශනය පෙබරවාරි 20 සිට 24 දක්වා පැවැත්වීමට නියමිතය.
මෙය 1996 සිට වාර්ෂිකව පවත්වන සංදර්ශනයක් බවද එය නැරඹීමට දහස් ගණනින් සංචාරකයන් පැමිණෙන බවද, ආකර්ෂණීය ගුවන් හමුදා ඉදිරිපත් කිරීම වෙනුවෙන් සූරියකිරන් ගුවන් කරණම් කණ්ඩායම නම් දරා ඇති බවද කියැවේ.
හෙට (20) ඇරඹෙන ඉන්දීය ගුවන් හමුදා සංදර්ශනයේ ඉදිරිපත් කිරීම් සදහා ගුවන් යානා සහ ජෙට් යානා 61ක් යොදා ඇතැයි ඉන්දීය මාධ්‍ය වාර්තා කරයි.
(එන් ඩී ටීවී ඇසුරිනි)
16844

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd