IMG-LOGO

2025 දෙසැම්බර් මස 22 වන සඳුදා


ඉන්දියාව සහ ඊශ්‍රායල අතර නිදහස් වෙළෙඳ ගිවිසුමක්

නවදිල්ලිහිදීය (රොයිටර්)
 
නිදහස් වෙළෙඳ ගිවිසුමකට අත්සන් තැබීම සඳහා ඊශ්‍රායලය සහ ඉන්දියාව අතර එකඟත්වය පළ වී තිබේ. නිදහස් වෙළෙඳ ගිවිසුම වෙනුවෙන් වැඩි අවශ්‍යතාවක් ඇත්තේ ඊශ්‍රායලටය. නිදහස් වෙළෙඳ ගිවිසුමට අත්සන් තැබීම සම්බන්ධයෙන් ඊශ්‍රායල අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙදන්යාහුගේ ඉන්දීය සංචාරයේදී අවධානය යොමු වීමට නියමිතය.
 
ඊශ්‍රායල අගමැති බෙන්ජමින් නෙදන්යාහු (15) ඉන්දීය සංචාරය ආරම්භ කරන ලද අතර ඊශ්‍රායල අගමැතිවරයකු ඉන්දියාවේ සංචාරය කරන්නේ වසර 15කට පසුය. ඊශ්‍රායල අගමැතිවරයාගේ ඉන්දීය සංචාරයේදී සයිබර් ආරක්ෂාව, අභ්‍යාවකාශය, තෙල් සහ ගෑස් යනාදී ක්ෂේත්‍ර ආවරණය වන අයුරින් දෙරට අතර ගිවිසුම් නවයකට අත්සන් තැබීමට නියමිතව තිබේ. 
 
ඊශ්‍රායලය දෙරට අතර නිදහස් වෙළෙඳ ගිවිසුමකට යෑමේ අවශ්‍යතාව අවස්ථා කිහිපයකදීම පෙන්වා දී තිබූ අතර එරට අගමැතිවරයාගේ මෙම ඉන්දීය සංචාරයත් සමඟ දෙරට අතර නිදහස් වෙළෙඳ ගිවිසුමකට යෑමට දෙරටේම එකඟත්වය පළ වී තිබේ. තමන් වෙළෙඳ සාකච්ඡාවලට එකඟ යැයි ද ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි ඊශ්‍රායල අගමැතිවරයාගේ සංචාරය ආරම්භයත් සමඟ පැවැසීය. 
 
ඉන්දියාව සහ ඊශ්‍රායලය අතර රාජ්‍ය තාන්ත්‍රික සබඳතා ආරම්භ කරන ලද්දේ 1992 වසරේදීය. එවිට දෙරට අතර වෙළෙඳාමේ වටිනාකම එක්සත් ජනපද ඩොලර් මිලියන 200ක් වූ අතර 2016 වසර වනවිට දෙරට අතර වෙළෙඳාමේ වටිනාකම ඩොලර් බිලියන 4.16ක් දක්වා වර්ධනය වී තිබේ. දෙරට අතර වෙළෙඳාමෙන් වඩාත් වාසි සහ ප්‍රතිලාභ අත්ව තිබුණේ ඊශ්‍රායලයටය. 
 
ඊශ්‍රායලය අගමැතිවරයා සමඟ 130ක දූත පිරිසක් ඉන්දීය සංචාරය එක්ව සිටිති. ඉදිරි වසර තුනක කාලයේදී ඉන්දියාවට කෙරෙන අපනයන සියයට 25කින් වර්ධනය කිරීමට ඊශ්‍රායලය බලාපොරොත්තු වෙයි. 
 
055



අදහස් (1)

ඉන්දියාව සහ ඊශ්‍රායල අතර නිදහස් වෙළෙඳ ගිවිසුමක්

රවින් Tuesday, 16 January 2018 10:11 AM

ගිවිසුම කෙසේ වෙතත් ඉන්දියාවේ උදවියගේ සාක්කු නම් පරිස්සම් කරගන්න ඕනෑවෙයි.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 343 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 213 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1004 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site