IMG-LOGO

2025 දෙසැම්බර් මස 30 වන අඟහරුවාදා


ඉන්දියාව බිලියනයකට එන්නත් දීලා

ඉන්දියාව එරට එන්නත් ලබාගැනීමට සුදුසුකම් ලැබූ ජනගහනයෙන් බිලියනයක් (කෝටි 100ක්) එන්නත්කරණය කර අවසන් කරමින් ඊයේ (21) සුවිශේෂී සන්ධිස්ථානයක් පසු කළේ ය.

“ඉන්දියාවේ බිලියනයේ සීමාව පසු කළා. අපි මෙය සමරන්න වුවමනා” යැයි ඉන්දියාවේ සෞඛ්‍ය අමාත්‍ය මනුෂ්ක් මන්දවියා ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් සඳහන් කළේ ය.

ඉන්දියාවේ එන්නත්කරණ වැඩසටහන ඉතා මන්දගාමීව ආරම්භ වූ අතර එක් අවස්ථාවකදී එන්නත්කරණ වේගය ද අඩු විය.

ඉන්දියාවේ එන්නත්කරණ වැඩසටහනේ සියයට 90කට වඩා භාවිත කරන්නේ ලද්දේ එරට තුළ නිෂ්පාදිත කොවිෂීල්ඩ් (ඇස්ට්‍රාසෙනකා එන්නත් සූත්‍රය) ‘කොවිඩ්-19’ එන්නත යි. එය ඉන්දියාවේ සේරම් ආයතනය විසින් නිෂ්පාදනය කරන ලදි.

“එන්නත් ලබා නොගත් සියලු දෙනාගෙන් මෙම ඉල්ලීමක් කරනවා. ඉතා ඉක්මනින් එන්නත ලබාගන්න. එන්නත ලබාගනිමින් අපේ ස්වර්ණමය එන්නත් ගමනට එකතු වෙන්න” යැයි ද ඉන්දීය සෞඛ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේ ය.

ඉන්දියාවේ වැඩිහිටි ජනගහනය මිලියන 944ක් වන අතර ඔවුන් සියලු මේ වසර අවසන් වනවිට සම්පූර්ණයෙන් එන්නත් කර අවසන් කිරීමට ඉන්දීය රජය බලාපොරොත්තු වෙයි. දැනටමත් එම ජනගහනයෙන් සියයට 75කට පළමු එන්නත් මාත්‍රාව ලබාදී අවසන් අතර සියයට 31කට එන්නත් මාත්‍රා දෙකම ලබා දී අවසන් ය.

කෙසේ නමුත් ඉන්දියාවේ වයස අවුරුදු 18ට අඩු ජනගහනයට එන්නත ලබාදීම තවමත් ආරම්භ කර නොමැත. එම ජනගහනය ද සිය දහස් ගණනක් වන අතර ඉන්දියාවේ සමස්ත ජනගහනයෙන් සියයට 40ක ප්‍රතිශතයක් නියෝජනය කරති.

(රොයිටර්)



අදහස් (0)

ඉන්දියාව බිලියනයකට එන්නත් දීලා

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 23 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 704 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 334 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site