අධික වර්ෂාව හේතුවෙන් ඉන්දියාවේ පසුගිය දිනවල ඇතිවූ ජල ගැලීම් නිසා 218ක් පමණ මියගොස් ඇතැයි වාර්තා වේ.
ඉන්දීය බලධාරීන් පවසන්නේ ජලය බැස යන විට තවත් මරණ වාර්තා විය හැකි බැවින් මිය ගිය සංඛ්‍යාව තවත් ඉහළ යනු ඇති බවයි.ප්‍රාන්ත 20කට පමණ ගංවතුර තත්වය බලපා ඇති අතර ගුජරාටි ප්‍රාන්තයේ පමණක් 130 000ක් පමණ අවතැන් වි ඇත.
අසාම් ප්‍රාන්තයේ ද ගංවතුරින් විශාල සංඛ්‍යාවක් මියගොස් බොහෝ පිරිසක් අවතැන් වී තිබේ.මෝසම් සුළං සක්‍රීය වී සති කිහිපයක් තිස්සේ ඇද හැළුණු වැසි හේතුවෙන් ගංවතුර ඇති වූ බව කාළගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.
(බීබිසි පුවත් ඇසුරිණි - 085)

COMMENTS
නව නීති ක්‍රියාත්මක වීමෙන් මහජන ආරක්ෂාව වැඩි වන බව ඉතා පැහැදිලිව පෙන්වන ලිපියක්.
තවත් අදහස් හා දත්ත සමඟ මෙම විශ්ලේෂණය යාවත්කාලීන කරලා නම් හොඳයි.