ඉන්දියාවේ වැඩිම ජනගහනයක් වෙසෙන ‘උත්තර ප‍්‍රදේශ්’ ප‍්‍රාන්තය, කුඩා ප‍්‍රාන්ත හතරකට බෙදීමේ යෝජනාවක් ප‍්‍රාන්ත රාජ්‍ය මන්ත‍්‍රණ සභාවට ඉදිරිපත් කිරීමට ප‍්‍රාන්ත මහ ඇමැතිනී මායාවතී සැරසේ. දේශපාලනික සහ වාර්ගීක වශයෙන් විවිධත්වයක් ඇති උත්තර ප‍්‍රදේශ් ප‍්‍රාන්තය අවාද්, පුර්වාන්චාල්, බුන්දෙල්කාන්ද් සහ පස්චිම් යනුවෙන් කොටස් හතරට බෙදා වෙන් කළ යුතු බව මහ ඇමැතිනිය පෙන්වා දෙයි. ප‍්‍රාන්තයේ සංවර්ධන කි‍්‍රයාවලීන් දියුණු කර ජනතාවට සෙතක් සැලැසීමේ අරමුණින් තමා එම යෝජනාවලිය සකස් කළ බව මහ ඇමැතිනී මායාවතී වැඩිදුරටත් කියා සිටින්නීය. මහ ඇමැතිනියගේ එම යෝජනාව ප‍්‍රාන්ත රාජ්‍ය මන්ත‍්‍රණ සභාවේදී සාකච්ඡා කිරීමෙන් පසු ඉන්දීය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතය. යෝජනාව ගැන අවසන් තීරණය ගන්නේ ඉන්දීය පාර්ලිමේන්තුවය. ඉන්දියාව ප‍්‍රාන්ත 28 කින් සමන්විත වන අතර එයින් වැඩිම ජනගහනයක් වාසය කරන්නේ ‘උත්තර ප‍්‍රදේශ්’ ප‍්‍රාන්තයේය. එහි ජනගහනය කෝටි 2 කි. ‘උත්තර ප‍්‍රදේශ්’ ප‍්‍රාන්තය දිස්ති‍්‍රක්ක 75 කින් සමන්විතය.
1
බලශක්ති ඇමති අයින් කරන්නේ නැහැ - මාලිමාවේ මහලේකම් කියයි
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd