IMG-LOGO

2025 දෙසැම්බර් මස 27 වන සෙනසුරාදා


ඉන්දියාව ඊශ්‍රායලයෙන් මිසයිල මිලට ගනී

නවදිල්ලිහිදීය (ඒගඑෆ්ගපී)

ඊශ්‍රායලයෙන් ගොඩබිම සිට ගුවනට විදිය හැකි මිසයිල 131 ක් මිලදී ගැනීමට සූදානම් බව යැයි ඉන්දීය ආරක්ෂක අමාත්‍යාංශය නිවේදනය කර තිබේ. 

ඊශ්‍රායල රජයට අනුබද්ධිත රෆායල් ඇඞ්වාන්ස්ඩ් ඩිෆෙන්ස් සිස්ටම්ස් සමාගමෙන් ඉන්දියාව මෙම මිලදී ගැනීමට නියමිතය. මෙම සම්පූර්ණ ගිවිසුමේ වටිනාකම එක්සත් ජනපද ඩොලර් මිලියන 70ක් යැයි ද ඉන්දීය ආරක්ෂක අමාත්‍යාංශය සඳහන් කරයි. 

ඉන්දියාවට මිලදී ගැනීමට නියමිතව ඇත්තේබරාක්’ නැමැති මතුපිටක සිට ගුවනට විදිය හැකි මිසයිලය. එම මිසයිල ගුවනින් එල්ල විය හැකි තර්ජන වැළැක්වීමට යොදාගනී. ගුවන් යානා රැගෙන යා හැකි ඉන්දියාවට අයත් පළමු යුද නෞකාව මේ වනවිට නිෂ්පාදනය කරමින් තිබෙන අතර මෙම මිසයිල එම නෞකාවට යොදාගැනීමට නියමිත බව පැවසේ. 

මේ මස මැදදී ඊශ්‍රායල අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙදන්යාහු ප්‍රමුඛ එරට රජයේ ප්‍රධානීන් සහ ව්‍යාපාරික කණ්ඩායමක් ඉන්දියාවේ සංචාරය කිරීමට නියමිතය. ඊශ්‍රායලය ඉන්දියාවේ ප්‍රමුඛතම ආරක්ෂක උපකරණ, ආයුධ සැපයුම්කරුවා වන අතර සාමාන්‍යයෙන් ඉන්දියාවට වසරකට ඩොලර් බිලියනයකට ආසන්න වටිනාකමකින් යුතු යුද උපකරණ ඊශ්‍රායලයෙන් මිලදී ගනී. 

වසර කිහිපයක් සඳහා මතුපිට සිට ගුවනට විදින මධ්‍ය දුර මිසයිල, සන්නිවේදන තාක්ෂණ උපකරණ ආදිය වෙනුවෙන් ඉන්දියාව පසුගිය වසරේ අප්‍රේල් මාසයේදී ඊශ්‍රායලය සමඟ ඇමෙරිකා එක්සත් ජනපද ඩොලර් බිලියන 2ක වටිනාකමකින් යුත් ගිවිසුමකට අත්සන් තබන ලදි. ඉන්දියාව මෙලෙස මිසයිල 131ක් මිලදී ගන්නේ එම ගිවිසුම යටතේ ද නව ගිවිසුමක් යටතේ ද යන්න පිළිබඳව නිශ්චිතව තොරතුරු අනාවරණය නොවිණි.
 
(055)



අදහස් (1)

ඉන්දියාව ඊශ්‍රායලයෙන් මිසයිල මිලට ගනී

amia Friday, 05 January 2018 04:11 AM

ලංකාවට තර්ජනක් මේ මිසයිල මිලට ගැනිම.

:       0       1

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 595 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 291 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1093 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site