ආසියාවේ ඕනෑම රටකට පහර දිය හැකි අන්තර් මහද්වීපික බැලැස්ටික් මිසයිලයක් සාර්ථකව අත්හදා බැලීමට ඉන්දියාව ඊයේ (19) සමත් විය. ‘අග්නි 5’ යනුවෙන් නම් කළ එම දිගු දුර මිසයිලයේ අත්හදා බැලීම් සිදු කිරීමට නියමිතව තිබුණේ පෙරේදා (18) ය. එහෙත් අයහපත් කාලගුණය ඊට හරස් විය. ඒ අනුව ඊයේ උදෑසන ඔරිස්සා ප‍්‍රාන්තයට අයත්, වීලර් දිවයිනේදී මිසයිලය අත්හදා බැලූ බවත් එය ඉතා සාර්ථක වූ බවත් ඉන්දීය ආරක්ෂක අමත්‍යාංශය පවසයි. මිසයිලයේ සාර්ථකත්වය ගැන ඉන්දීය අගමැති මන්මෝහන් සිං ඉන්දියාවේ ආරක්ෂක පර්යේෂණ සංවර්ධන ආයතනයට ප‍්‍රශංසා කර ඇත. ‘අග්නි 5’ මිසයිලය නිර්මාණය කළේ එම ආයතනයයි. මිසයිලය අත්හදා බැලීමෙන් පසු ඉන්දීය ආරක්ෂක ඇමැති ඒ.කේ. ඇන්තනී මාධ්‍ය හමුවේ අදහස් දක්වමින් කියා සිටියේ ‘අග්නි 5’ මිසයිලයේ සාර්ථකත්වය ඉන්දීය මිසයිල වැඩසටහනේ සන්ධිස්ථානයක් බවය. මීට පෙර නිර්මාණය කළ අග්නි මිසයිල මෙන් නොව ‘අග්නි 5’ මිසයිලයට න්‍යෂ්ටික යුද ශීර්ෂයක් රැගෙන කිලෝ මීටර් 5,000 කට වැඩි දුරක් යා හැකිය. එහි බර ටොන් 50 කි. ‘අග්නි 5’ මිසයිලය අත්හදා බලන බව ඉන්දියාව ප‍්‍රකාශ කළ අවස්ථාවේදී ඒ ගැන වඩාත් උන්නදුවක් දැක්වූයේ අසල්වැසි චීනයයි. පාකිස්තානයද මිසයිල අත්හදා බැලීම ගැන විමසිලිමත් වූ බව මාධ්‍ය වාර්තා සඳහන් කළේය. මේ අයුරින් එක් මහද්වීපයක සිට තවත් මහද්වීපයකට විදිය හැකි අන්තර් මහද්වීපික බැලැස්ටික මිසයිල ඇත්තේ චීනය, ඇමෙරිකාව, ප‍්‍රංශය, රුසියාව, මහා බි‍්‍රතාන්‍යය සහ ඊශ‍්‍රායලයට පමණි.
2025 නොවැම්බර් මස 17
86
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
2025 නොවැම්බර් මස 04
925
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2543
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
ඉන්දියාවේ ‘අග්නි 5’ මිසයිලය අත්හදා බැලීම් සාර්ථකයි