ඇදහැලෙන මහ වැසි හේතුවෙන් නැගෙනහිර ඉන්දියාවේ ප‍්‍රාන්ත රැසක් ඊයේ (12) ජලයෙන් යටවූ අතර ලක්ෂ ගණනකට උන්හිටිතැන් අහිමි විය. ජල ගැලීම් සහ නායයෑම්වලට හසුවීමෙන් මියගිය ගණන 18 කි. ජල ගැලීම් සහ නාය යෑම් හට ගත්තේ මෝසම් වැසි සමයත් සමඟ අධික වර්ෂාපතනයක් ඇතිවීම නිසා යැයි ඉන්දීය කලගුණ විද්‍යා ඒකක නිවේදනය කරයි. ජල ගැලීම්වලින් වැඩිපුරම හානි සිදුවී ඇත්තේ ඔරිස්සා ප‍්‍රාන්තයටය. ඔරිස්සා ප‍්‍රාන්ත බලධාරීන් ප‍්‍රකාශ කරන අන්දමට මේ වනවිට ගම්මාන 877 ක් මුළුමනින්ම ජලයෙන් යට වී තිබේ. තවත් ගම්මාන කිහිපයක් ජලයෙන් යට වීමේ අවදානමක් පැවැති හෙයින් 50,000 ක් දෙනා ආරක්ෂිත ස්ථාන වෙත යොමු කරවීමට බලධාරීහු පියවර ගත්හ. ජල ගැලීම්වලට හසු වීමෙන් පුද්ගලයන් සය දෙනකු අතුරුදන්ව ඇති බවත් ඔවුන් සෙවීමේ මෙහෙයුම් ඊයේ දවස පුරාම පැවැත්වූ බවත් වාර්තා විය. අධික වර්ෂාව එම සහන සේවා මෙහෙයුම්වලට බාධාවක් වූ බව ඔරිස්සා ප‍්‍රාන්ත බලධාරීහු පැවැසූහ.
2025 දෙසැම්බර් මස 18
127
0
ශ‍්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
147
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
949
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
ඉන්දියාවට මහ වැසි: ගංවතුරින් 18 ක් මරුට