ඉන්දුනීසියාවේ මොලුකාස් ආසන්නයේ රිච්ටර් මාපාංක 7.1ක ප්‍රබල භූ චලනයක් සිදුව ඇත.

කම්පනයෙන් පසු සුනාමි අනතුරු ඇඟවීමක් සිදු කර ඇතැයි බලධාරීහු පවසති. කම්පන හේතුවෙන් බොහෝ දෙනා බියට පත්ව නිවෙස් වලින් පිටතට දිව ගිය බව සඳහන් වේ.

කම්පන කේන්ද්‍රය ටර්නේට් නගරයට වයඹ දිග කිලෝමීටර් 139ක් දුරින් සහ කිලෝමීටර් 45ක් ගැඹුරින් පිහිටා ඇතැයි ඇමරිකානු භූ විද්‍යා සමීක්ෂණාගාරය පවසයි.

බටහිර දෙසින් පිහිටි සුලවාසි දූපතට කම්පන තදින්ම දැනී ඇත.

සිදුවූ හානිය පිළිබඳ මෙතෙක් වාර්තා වී නොමැත.

(බීබීසී ඇසුරිණි - 085)