IMG-LOGO

2025 දෙසැම්බර් මස 12 වන සිකුරාදා


ඉන්දූනීසියාවෙන් කිම් ජොන් උන්ට ආරාධනාවක්

 

 

 

 

 

ජකර්තාහිදීය (රොයිටර්)

 

 

ඉන්දුනීසියාවේ ජකර්තා අගනුවර අගෝස්තු මස 18 වැනිදා පැවැත්වෙන ආසියානු ක්‍රීඩා උළලේ සමාරම්භක උත්සවයට පැමිණෙන්නැයි ඉන්දුනීසියාව උතුරු කොරියානු ජනාධිපති කිම් ජොන් උන්ට ආරාධනා කර ඇත.  

 

ආසියනු ක්‍රීඩා උළෙල අගෝස්තු මාසයේදී පැවැත්වීමට නියමිත අතර සමාරම්භක උත්සවයට පැමිණෙන ලෙස දකුණු කොරියානු ජනාධිපති මූන් ජේ ඉන්ටත් ආරාධනා කළ බව ඉන්දුනීසියා බලධාරිහු සඳහන් කරති.

  

ලබන මස, එනම් අගෝස්තු මාසයේදී පැවැත්වෙන ආසියානු ක්‍රීඩා උළලේදී උතුරු හා දකුණු කොරියාවට වැඩි අවධානයක් යොමු වනු ඇතැයි ද පැවසේ. 

 

උතුරු කොරියානු නායකයාට ආසියානු ක්‍රීඩා උළලේ සමාරම්භක උත්සවයට සහභාගී වන්නැයි ආරාධනා කිරීම සඳහා ඉන්දුනීසියාවේ මානව සංවර්ධන සහ සංස්කෘතික කටයුතු ඇමතිනි පුවාන් මහරාණි ඇතුළු නිලධාරීන් පිරිසක් උතුරු කොරියාවේ සංචාරයක නිරත වී තිබේ. එහිදි ඔවුන් උතුරු කොරියාවේ නාමික රාජ්‍ය නායක සහ එරට උත්තරීතර ජනතා මන්ත්‍රණ සභාවේ විධායක සභාවේ සභාපති කිම් යොන්ග් නෑම් හමු වී සාකච්ඡා පවත්වා ඇත.

 

තමන් උතුරු කොරියාවට පැමිණියේ ආසියානු ක්‍රීඩා උළලේ සමාරම්භක උත්සවයට සහභාගී වන්නැයි උතුරු කොරියානු නායකයාට නිල වශයෙන් ආරාධනා කිරීමට යැයි කිම් යොන්ග් නෑම් අතර පැවැති හමුවේදී පුවාන් මහරාණි අමාත්‍යවරිය ප්‍රකාශ කර තිබෙන අතර ඒ බව සඳහන් කරමින් ඉන්දුනීසියාව නිවේදනයක් නිකුත් කර තිබිණි. 

 

පසුගිය අප්‍රේල් මාසයේදී උතුරු සහ දකුණු කොරියාවේ තානාපතිවරුන් හමුවීමෙන් අනතුරුව දෙරටේ නායකයන් අතර හමුවේ සත්කාරත්වය දැරීමට ඉන්දුනීසියාව සූදානම් බව ද එරට ජනාධිපති ජොකෝ විඩෝඩෝ පවසා තිබුණි. 

 

 

055

 



අදහස් (0)

ඉන්දූනීසියාවෙන් කිම් ජොන් උන්ට ආරාධනාවක්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 596 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 507 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 429 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site