පාකිස්තාන ආරක්ෂක අංශ අත්අඩංගුවේ සිටින තලේබාන් සටන්කාමී සංවිධානයේ දෙවැනියා වන මුල්ලා අබ්දුල් ඝානී බරාදාර් සහ ඇෆ්ගන් රජයේ නිලධාරීන් අතර රහස් හමුවක් පෙරේදා (12) පැවැත්විණි. ඇෆ්ගන් නිලධාරීන් සහ මුල්ලා අබ්දුල් අතර එම හමුව පැවැත් වූයේ පාකිස්තාන රජයේත් ආරක්ෂක අංශවලත් සහාය ඇතිවය. තලේබාන් සංවිධානය සමඟ සාමකාමී, දේශපාලන විසඳුමකට යොමු වීමට එම හමුව ඉවහල්වූ බව ඇෆ්ගන් රජය පවසයි. තම නිලධාරීන් පාකිස්තාන රජයේ සහාය ඇතිව එරට අත්අඩංගුවේ සිටින තලේබාන් සටන්කාමී සංවිධානයේ දෙවැනියා හමුවී සාකච්ඡුා කළේ යැයි ඇෆ්ගන් ජනාධිපති හමීඞ් කර්සායිගේ ජාතික ආරක්ෂක උපදේෂක රන්ගින් ස්පන්ටා ද පවසා ඇත. පාකිස්තාන ආරක්ෂක අංශ මුල්ලා අබ්දුල් අත්අඩංගුවට ගත්තේ 2010 වසරේදීය. එම අවස්ථාවේ ඔහු කරච්චි නුවර සැඟවී සිටියේය. එම මෙහෙයුමට ඇමෙරිකාවේ සී.අයි.ඒ. බුද්ධි අංශ නිලධාරීන්ගේ ද සහාය පාකිස්තාන රජයට හිමිවිය. මේ අතර ඊයේ (13) සවස ඇෆ්ගනිස්තානයේ ටකා දිස්ති‍්‍රක්කයේ ටැලෝකාන් නගරයේ පැවැති සාම සමුළුවකට තලේබාන් බෝම්බ ප‍්‍රහාරයක් එල්ල විය. එයින් ටැලෝකාන් නගරාධිපති ඇතුළු හය දෙනෙක් ජීවිතක්ෂයට පත් වූහ. ඇෆ්ගන් සාම නියෝජිතයන් දෙදෙනකු ද මියගිය පිරිස අතර සිටින බව විදෙස් පුවත් සේවා පවසයි.
1
’’එකතුවට බාධාව මම නම් යන්න සූදානම්’’
COMMENTS
යන්න දීල අල්ලගන්නද කොහෙද (දී)