IMG-LOGO

2025 දෙසැම්බර් මස 31 වන බදාදා


ඇෆ්ගන් දරුවන් 40 ක් මියගිහින්

ඇෆ්ගනිස්තානයේ ප්‍රචණ්ඩත්වය හේතුවෙන් දරුවන් 40කට වැඩි පිරිසක් මරණයට පත්ව ඇතැයි එක්සත් ජාතීන්ගේ ළමා අරමුදල සඳහන් කරයි.

ඇෆ්ගනිස්තානයේ මානුෂීය අර්බුදය, කුසගින්න, මන්දපෝෂණය යන අර්බුදවලින් දරුවන් දැඩි ලෙස පීඩාවට පත්වන බවත් ඒ අතරවාරයේදී ප්‍රචණ්ඩත්වය හේතුවෙන් මෙලෙස දරුවන් 40කට වැඩි පිරිසක් මරණයට පත්ව ඇතැයි ද එම අරමුදල කියයි.

එක්සත් ජාතීන්ගේ ළමා අරමුදල ඇෆ්ගනිස්තානයේ දරුවන් සම්බන්ධයෙන් මෑතකදී වාර්තාවක් ද ප්‍රසිද්ධියට පත් කළ අතර එම වාර්තාවේ ද මේ සම්බන්ධයෙන් කරුණු ඇතුළත් වේ.

ඇෆ්ගනිස්තානයේ ප්‍රචණ්ඩත්වය හේතුවෙන් එකම පවුලේ දරුවන් නවදෙනකු මියගොස් ඇතැයි අදාළ වාර්තාවේ සඳහන් ය.

“ගැහැනු දරුවන් සිවුදෙනකු, පිරිමි දරුවන් දෙදෙනකු ඇතුළු එකම පවුලේ නවදෙනකු ප්‍රචණ්ඩ ක්‍රියා හේතුවෙන් මරණයට පත්වෙලා” යැයි අදාළ වාර්තා වේ.

පුපුරණ ද්‍රව්‍යවල සුන්බුන් කිහිපයක් පුපුරා යෑමෙන් එම මරණ සිදු වේ. කුන්දූස් හි නිවසක එම පිපිරීම සිදුව තිබේ.

එම පිපිරීම හේතුවෙන් තවත් දරුවන් තිදෙනකු තුවාල ලබා ඇතැයි ද වාර්තා වේ.

දශක හතරක යුද ගැටුම් සහ ප්‍රචණ්ඩත්වය හේතුවෙන් ඇෆ්ගනිස්තානයේ දස දහස් ගණනක ජනජීවිතය සම්පූර්ණයෙන්ම අඩාල වී ඇතැයි ද අදාළ වාර්තාවේ සඳහන් වේ.

නන්ගර්හාර් හි සිදු වූ ප්‍රචණ්ඩ ක්‍රියා හේතුවෙන් හය හැවිරිදි හිබතුල්ලා ට ඔහුගේ එක් පාදයක් අහිමි වී තිබෙන අතර ඔහු මේ වනවිට කෘත්‍රීම පාදයක් බලාපොරොත්තුවෙන් සිටින බව එහි දැක්වේ.

යුද ගැටුම්වලින් පසු ව බොහෝ ස්ථානවල ඉතිරි වී තිබෙන සුන්බුන් යනාදිය හේතුවෙන් පිපිරීම් රැසක් සිදු ව තිබේ.

ඒ හේතුවෙන් කුඩා දරුවන් ගණනාවක් තුවාල ලබා ඇත.

මේ සම්බන්ධයෙන් ද සිය අවධානය යොමු වී ඇතැයි එක්සත් ජාතීන්ගේ ළමා අරමුදල සිය වාර්තා වේ සඳහන් කර තිබේ.

(විදෙස් මාධ්‍ය ඇසුරිනි)



අදහස් (0)

ඇෆ්ගන් දරුවන් 40 ක් මියගිහින්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 102 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 739 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 365 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site