ඇෆ්ගනිස්තානයේ හෙල්මන්ඞ් පළාතේ ගිරිෂ්ක් නගරයේ ඊයේ (2) සිදුවුණු දරුණු ගැටුම්වලින් තලේබාන් සටන්කාමීන් 25 දෙනකු මරා දැමීමට තමන් සමත් වූ බව ඇෆ්ගන් ආරක්ෂක අංශ පවසයි.
දෙපිරිස අතර සිදුවුණු අවි ගැටුමේ දී, ඇෆ්ගන් ආරක්ෂක අංශ සාමාජිකයෝ කිහිප දෙනෙක් ද තුවාල ලැබූහ. සටන පැය කිහිපයක් තිස්සේ පැවැතිණි.
ගැටුම හටගත්තේ බුද්ධි අංශ තොරතුරු අනුව ඇෆ්ගන් ආරක්ෂක අංශ තලේබාන් සටන්කාමීන්ගේ රහස් ආයුධ ගබඩාවක් වැටලූ අවස්ථාවේදී යැයි මාධ්‍ය වාර්තා පෙන්වා දුන්නේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd