නැගෙනහිර ඇෆ්ගනිස්තානයේ වෙළඳපොළක සිදුවූ පිපිරීමකින් හය දෙනකු මියගොස් 35 දෙනකු තුවාල ලබා ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා පවසයි.
බයිසිකලයක සඟවාගෙන ආ බෝම්බය දර්සාබ් දිස්ත්‍රික්කයේ දී පුපුරවා ඇතැයි කියති. ප්‍රහාරයේ වගකීම මෙතෙක් කිසිවකු බාරගෙන නැතැයි ද වාර්තාවේ.
සඳුදා දින බොහෝ ප්‍රදේශවලින් ජනයා එම වෙළඳපොළට පැමිණෙන බවත් එසේ පැමිණි අහිංසක පිරිස් ඉලක්ක කර ප්‍රහාර සිදුකර ඇතැයි ඇෆ්ගනිස්තාන බලධාරීහු කියති.

COMMENTS
නව නීති ක්‍රියාත්මක වීමෙන් මහජන ආරක්ෂාව වැඩි වන බව ඉතා පැහැදිලිව පෙන්වන ලිපියක්.
තවත් අදහස් හා දත්ත සමඟ මෙම විශ්ලේෂණය යාවත්කාලීන කරලා නම් හොඳයි.