පැදගෙන යා හැකි ජංගම නිවහනක් නිපදවීමට බි්‍රතාන්‍යය ජාතික කාර්මික ශිල්පියෙක් සමත්ව තිබේ.

ඇන්ඩි සොන්ඩර්ස් නම් මෙම කාර්මික ශිල්පියා ‘ක්‍රැම්පර් වෑන්‘ ලෙස හැදින්වෙන මේ අමුතු පන්නයේ ජංගම නිවහන නිපදවා ඇත්තේ පාපැදියක් හා මෝටර් රථ වලින් ඇදගෙන යන ජංගම නිවහනක් එකට බද්ධ කිරීමෙනි.

ප්‍රමාණයෙන් කුඩා වුවත් නිවහන ඇතුළත 4 දෙනෙකුට සරිලන ඉඩ පහසුකම් ඇත.නිදා ගැන්මට අවශ්‍ය වන්නේ නම් වහලයේ සවිකර තිඛෙන ඇද භාවිතා කළ හැක.ආහාර පිස ගැනීමට ගෑස් උදුනක්,පිගන් කෝප්ප සෝදා ගැනීමට ජලය ලබා ගත හැකි කරාමයක් ආදී පහසුකම්ද මේ   නිවහනේ ඇත.

මෙය නිපදවීමට පවුම් 1000 ක් (රුපියල් 195000) පමණ වැයවී ඇතැයි සදහන් වේ. පාපැදියක් හැටියට ගනන් ගැනෙනා බැවින් මාර්ගයේ ධාවනයට ලියාපදිංචි කිරීමක්ද අවශ්‍ය නොවන බව ඇන්ඩි කියයි.