ඇල්ජීරියාවේ ජනාධිපතිවරයාට විරුද්ධව පැවති විරෝධතාවයකදී ඇතිවූ ගැටුම් හේතුවෙන් 183දෙනකු තුවාල ලබා ඇතැයි වාර්තා වේ.
 
දස දහස් ගණන් පිරිස් විරෝධතාවයන්ට එක්වී ඇති අතර අවුරුදු අටක පමණ කාලය තුළ ඇතිවූ දැවැන්තම විරෝධතාවය මෙය බව විචාරකයෝ පවසති.
 
මේ වනවිට 82වැනි වියේ පසුවන වසර 20ක් බලයේ සිටි ජනපති ඇබ්ඩෙලාසිස් බවුටෙෆිකාස්  මහතා නැවත බලයට පත්වීමේ සූදානමට විරෝධය පළකරමින් මහජනයා මෙලෙස වීදි බැස විරෝධතා දැක්වූ බව මාධ්‍ය වාර්තා කර ඇත.
 
විරෝධතා අතරතුර හෘදයාබාධයක් හේතුවෙන් පුද්ගලයෙක් මියගොස් ඇත.
 
විරෝධතාකරුවන් අගනුවර වන ඇල්ග්‍රීස්හි පිහිටි ජනාධිපති මන්දිරයට ඇතුළුවීමට උත්සාහ කළ අවස්ථාවේ පොලිසිය සමග ගැටුම් ඇතිවූ බව පැවසේ.
 
(රොයිටර් පුවත් ඇසුරිණි -085)