බිඳ වැටුණු ඇමෙරිකා/පාකිස්තාන සබඳතා යළි වර්ධනය කර ගැනීමේ අදහසින් ඇෆ්ගනිස්තානයේ ඇමෙරිකා හමුදා ආඥාපති ජනරාල් ජෝන් ඇලන් ඊයේ (27) පාකිස්තානයට පැමිණ එරට හමුදාපති සහ රාජ්‍ය නිලධාරීන් හමුවී සාකච්ඡුා පැවැත්වීය. ඇමෙරිකාවත් පාකිස්තානයත් අතර සබඳතා පළුදු වූයේ පසුගිය වසරේ නොවැම්බර් මාසයේදීය. ඒ, ඇමෙරිකාව ප‍්‍රමුඛ නේටෝව එල්ල කළ ගුවන් ප‍්‍රහාරයකින් ඇෆ්ගන්/පාකිස්තාන දේශසීමාවේ පාකිස්තානයට අයත් ප‍්‍රදේශයේ පාකිස්තාන මුරපොළක සිටි සෙබළුන් 24 දෙනකු මියයෑමේ සිද්ධියක් හේතුවෙනි. පාකිස්තානයේ ඉස්ලාමාබාද් අගනුවරට පැමිණි ඇමෙරිකා හමුදාපතිවරයා පාකිස්තාන හමුදාපති ජනරාල් අස්ෆාක් හමුවී සාකච්ඡුා පැවැත් වු අතර පාකිස්තානයේ සැඟවී සිටින ඉස්ලාමීය සටන්කාමීන් ගැන මෙහිදී සාකච්ඡුාවට භාජන විය. ඇෆ්ගනිස්තානයේ සහ පාකිස්තානයේ කි‍්‍රයාත්මක අල් කයිඩා සහ තලේබාන් ඇතුළු සටන්කාමී කල්ලි මර්දනය කිරීමේදී ඇමෙරිකාවට පාකිස්තානයේ සහාය අවශ්‍ය බව ඇමෙරිකන් හමුදාපතිවරයා මෙහිදී අවධාරණය කළේය.
1
බලශක්ති ඇමති අයින් කරන්නේ නැහැ - මාලිමාවේ මහලේකම් කියයි
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd