බිඳ වැටුණු ඇමෙරිකා/පාකිස්තාන සබඳතා යළි වර්ධනය කර ගැනීමේ අදහසින් ඇෆ්ගනිස්තානයේ ඇමෙරිකා හමුදා ආඥාපති ජනරාල් ජෝන් ඇලන් ඊයේ (27) පාකිස්තානයට පැමිණ එරට හමුදාපති සහ රාජ්‍ය නිලධාරීන් හමුවී සාකච්ඡුා පැවැත්වීය. ඇමෙරිකාවත් පාකිස්තානයත් අතර සබඳතා පළුදු වූයේ පසුගිය වසරේ නොවැම්බර් මාසයේදීය. ඒ, ඇමෙරිකාව ප‍්‍රමුඛ නේටෝව එල්ල කළ ගුවන් ප‍්‍රහාරයකින් ඇෆ්ගන්/පාකිස්තාන දේශසීමාවේ පාකිස්තානයට අයත් ප‍්‍රදේශයේ පාකිස්තාන මුරපොළක සිටි සෙබළුන් 24 දෙනකු මියයෑමේ සිද්ධියක් හේතුවෙනි. පාකිස්තානයේ ඉස්ලාමාබාද් අගනුවරට පැමිණි ඇමෙරිකා හමුදාපතිවරයා පාකිස්තාන හමුදාපති ජනරාල් අස්ෆාක් හමුවී සාකච්ඡුා පැවැත් වු අතර පාකිස්තානයේ සැඟවී සිටින ඉස්ලාමීය සටන්කාමීන් ගැන මෙහිදී සාකච්ඡුාවට භාජන විය. ඇෆ්ගනිස්තානයේ සහ පාකිස්තානයේ කි‍්‍රයාත්මක අල් කයිඩා සහ තලේබාන් ඇතුළු සටන්කාමී කල්ලි මර්දනය කිරීමේදී ඇමෙරිකාවට පාකිස්තානයේ සහාය අවශ්‍ය බව ඇමෙරිකන් හමුදාපතිවරයා මෙහිදී අවධාරණය කළේය.
2025 නොවැම්බර් මස 04
353
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2155
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1634
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
ඇමෙරිකා හමුදා ප‍්‍රධානී ජනරාල් ජෝන් ඇලන් පාකිස්තානයට යයි