ඇමෙරිකාවේ කොංග‍්‍රස් (පාර්ලිමේන්තු) මන්තී‍්‍රවරුන් තිදෙනකුට මරණ තර්ජන එල්ල කරමින් පෙරේදා (22) ඔවුන්ට ලිපි තුනක් ලැබුණු අතර ලියුම් කවර තුළ කුඩු වර්ගයක් ද තිබීම නිසා මහා කලබගෑනියක් හට ගැනිණි. නිර්ණාමිකව එවා තිබුණු එම ලිපි තැපැල් කර තිබුණේ ඔරිගන් ප‍්‍රාන්තයෙන් බව තැපැල් මුද්‍රාවෙන් සනාථ වී ඇතැයි සිද්ධිය ගැන පරීක්ෂණ පවත්වන එෆ්.බී.අයි. පරීක්ෂකයෝ ප‍්‍රකාශ කරති. ලියුම්වල සඳහන් ව තිබුණේ සියලූම කොංග‍්‍රස් මන්තී‍්‍රවරුන්ට මෙවැනි ලිපි යවා ඇති බවත් ඒවායේ විස කුඩු වර්ගයක් තිබෙන බවත්ය. කෙසේ නමුත් කුඩු තිබුණේ මන්තී‍්‍රවරුන් තිදෙනකුට යැවූ ලියුම් කවර තුළ පමණි. ලිපි ලැබීමත් සමඟ ආරක්ෂක අංශ වහා කි‍්‍රයාත්මක වූ අතර ලියුම් කවරත් මන්තී‍්‍රවරු තිදෙනාත් විශේෂ පරීක්ෂාවට ලක් කැරුණහ. කුඩු වර්ගය ඇන්ත‍්‍රැක්ස් හෝ වෙනත් විෂ රසායන ද්‍රව්‍යයක් හෝ නොවන බව එම පරීක්ෂණවලදී හෙළි විය. මේ අතර ඇමෙරිකා මහජන නියෝජිත මන්තී‍්‍ර මණ්ඩලයේ කතා නායක මෙන්ම රිපබ්ලිකන් පාක්ෂිකයකු ද වන ජෝන් බූනේගේ නමට ඔහු උපන් ඔහියෝ ප‍්‍රාන්තයේ තැපැල්හලට ද මෙවැනි ලියුමක් ලැබී තිබුණු ආරක්ෂක අංශ පවසයි. සිද්ධිය ගැන පුළුල් පරීක්ෂණයක් පවත්වන බව ඇමෙරිකාවේ එෆ්.බී.අයි. පරීක්ෂකයෝ පවසති. ඔවුන් පවසන්නේ මෙම ලිපි කොංග‍්‍රස් මන්තී‍්‍රවරුන්ට එවා ඇත්තේ කිසියම් දුෂ්ට අරමුණකින් බවය.
2025 නොවැම්බර් මස 04
278
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2116
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1611
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
ඇමෙරිකා මන්තී‍්‍රවරුන්ට මරණ තර්ජන ලියුම් ලැබිලා