පහුගිය සිකුරාදා ඇමෙරිකාව විසින් ලිබියාවේ අයි එස් කදවුරකට එල්ල කරනු ලැබූ ගුවන් ප්‍රහාරයකින් සර්බියානු තානාපති කාර්යාලයයේ දෙදෙනෙකු මිය ගිය බව  සර්බියා  නිලධාරීන් ප්‍රකාශ කළැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

පහුගිය නොවැම්බරයේ  සිට ප්‍රාණ ඇපකරුවන් ලෙස අයි එස් සටන්කාමීන් භාරයේ සිටි සර්බියා සන්නිවේදන නිලධාරී ස්‌ලඩ්ජානා ස්ටන්කොවික් සහ තානාපති කාර්යාලයයේ රියදුරෙකු වූ ජෝවිකා ස්ටෝවික් මෙලෙස මිය ගොස් ඇති බව  එරට අගමැති ඇලෙක්සන්ඩර් වුවික් ප්‍රකාශ කරයි.

 ඇමෙරිකානු එෆ්-15ඊ යානය සිකුරාදා  එම අයි එස් කදවුරට ප්‍රහාර එල්ල කළේය. ඉන් 40කට ආසන්න ප්‍රමාණයක් ජිවිතක්ෂයට පත් වන්නට ඇති බවත්,  ගිය වසරේ ටියුනිසියාවේ ප්‍රහාරයට වග කිව යුතු ප්‍රහාරකයන්ද ජිවිතක්ෂයට පත් වන්නට ඇති බවත් ඇමෙරිකාව ප්‍රකාශ කරයි.

සර්බියානු විදේශ ඇමති ඇමෙරිකාව සහ ලිබියාව වෙත ඇගිල්ල දිගු කරන බව සදහන්ය.

ලිබියාව සහ ඇමෙරිකාව යන රටවල් ද්විත්වයෙන්ම මෙවැනි ප්‍රහාරයක් එල්ල වන බවට දැනුවත්වීමක් නොකළ බව  ඔහු සදහන් කර තිබේ.