සෝල්හිදීය (රොයිටර්)
ඇමෙරිකා එක්සත් ජනපදය සහ චීනය අතර ඇති වී තිබෙන වෙළෙඳ අර්බුධය තම අපනයන කර්මාන්තය දුර්වල කරන්නේ යැයි දකුණු කොරියාව පවසයි.
ඇමෙරිකාව සහ චීනය අතර වෙළෙඳ යුද්ධය මේ වනවිට උග්‍ර අතට හැරෙමින් තිබෙන අතර මේ තත්ත්වය හේතුවෙන් තම අතරමැදි භාණ්ඩ අපනයන පහත වැටෙන්නේ යැයි දකුණු කොරියාව කියයි. ගෘහ උපකරණ, පරිගණක සහ සන්නිවේදන උපකරණවලදී භාවිත වන දෑ දකුණු කොරියාවේ අතරමැදි අපනයන වේ.
මෙම වෙළෙඳ යුද්ධය තවදුරටත් දිග්ගැස්සෙනු ඇතැයි ද ව්‍යාප්ත වනු ඇතැයි ද එම නිසා කඩිනම් පියවර ගත යුතු යැයි ද දකුණු කොරියා වෙළෙඳ අමාත්‍යාංශය නිවේදනයක් නිකුත් කරමින් වැඩිදුරටත් සඳහන් කළේය.
ඉදිරියේදී ඇති වන උග්‍ර අර්බුදයක පිළියම් සෙවීමට දැන්ම සූදානම් විය යුතු බව ද දකුණු කොරියාව තවදුරටත් පෙන්වා දී තිබේ.
(055)
2025 දෙසැම්බර් මස 30
110
0
ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි
2025 දෙසැම්බර් මස 18
744
2
ශ්රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
368
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
ඇමෙරිකා - චීන වෙළෙඳ අර්බුදයෙන් අපනයන කර්මාන්තයට බාධා - දකුණු කොරියාවෙන් චෝදනා