ඇමෙරිකාවේ ඇරිසෝනා ප්‍රාන්තයේ පැතිර ගිය මහා ලැව් ගින්න නිවා දැමීමට උත්සහ කළ ගිනි නිවන භටයෝ 19 දෙනෙක් පෙරේදා (1) එම ගින්නට හසුවීමෙන් ජීවිතක්ෂයට පත්වූහ.
ලැව් ගින්න හටගත්තේ ඉකුත් 30 වැනිදා රාති‍්‍රයේ සිටය. ඒ, ඇමෙරිකාව හරහා උණුසුම් වායු ධාරාවක් ඇදී යෑමත් සමඟය. ගින්න හටගත්තේ යානෙල් හිල් නමැති වනාන්තර ප්රදේශයේය.
ගින්න නිවා දැමීමට ගිය එම ගිනි භට කණ්ඩායම අනපේක්ෂිත අයුරින් ගින්නට කොටු වී ඇත.
මියගිය ගිනි භටයන් ගැන ශෝකය පළ කළ ඇමෙරිකා ජනපති ඔබාමා ඔවුන් ජාතික වීරයන් ලෙස හැඳින්වීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේකට හේතුව ඇමරිකාව ඒරියා 51 වල කරන පරීක්ෂණ වෙන්න පුළුවන්. ඇරිසෝන නෙවාඩා ළඟ තියෙන්නේ. (නි)
අනේ මේ හිත හොද කොල්ලන්න්ට නිවන් සුව.(නදී)
මේ දිනවල උෂ්ණත්වය හරි ධරුනුයි, සමහර පැතිවල ෆරෙන්හයිට් 134 ක් විතර වෙනවා. අධික වියලි බව නිසාත්, ගිනිගහන උණුසුම නිසාත් ලැව් ගිනි පැතිර යාම ස්වාභාවිකයි. ගිනි නිවන භටයන් කියන්නේ ඇමෙරිකාවේ ඉතාම වැදගත් නිලධාරීන් පිරිසක්, මේ නැතිවීම ලොකු පාඩුවක්, මොඋන් ගිනි රකුස සමග පොර බදමින් සිටියදී අධික සුලන් නිසා වේගයෙන් පැතිරුණු ගින්න මේ අයව වටකිරීම නිසා කොටුවෙන්නට සිදුවෙලා, කළු දුම නිසා බෙරාගනීමත් කල නොහැකි වෙලා. මේ දරු පවුල් වලට අපෙගේ ශෝකය. (අ)
මේ නිලදාරීන් අපේ රණවිරුවන් වගේමයි නිවන්සැප ලැබේවා!(නදී)