ඇමරිකාවේ , කනෙක්ටිකට්හි නිව් හේවන් නිවසේදී 102 හැවිරිදි ලූවිස් බොනිටෝගේ උපන්දිනය පසුගියදා සැමරිණි. ඇයගේ දරුවෝ පස් දෙනා එය සැමරීමට විශාල උපන්දින කේක් ගෙඩියක්ද ගෙන ආහ.
102 හැඩයට සකස් කෙරුණු ඉටිපන්දමක් කේක් ගෙඩිය මත විය.බොනිටෝගේ එක් දියණියක් එය දැල්වූවාය. සුබ උපන්දිනයක් ගීය ගැයූ සියලූදෙනා අත්පොලසන් දෙමින් අම්මා ඉටිපන්දම නිවා දමන්න’ යැයි කීහ.
බොනිටෝ වෙර යොදා පිම්බාය. ඉටිපන්දම නිවී ගියේය. ඒ සමගම ඇය තම මුඛයේ සවිකරගෙන සිටි බොරු දත් කුට්ටමද විසිවී ගියේය.
මුළු කාමරයම සිනා සයුරක ගිලූනේ එක් නිමේෂයකිනි. බොනිටෝද ඊට එක්වූවාය. තමන් දත් ඇන්ද පළදින විට යෙදිය යුතු විශේෂ මැලියම් වර්ගය භාවිතා නොකළ බව ඇය පසු අවස්ථාවක කීවාය.
වයස 102 ක් වුවද බොනිටෝට තවමත් ඇගේ පතේ හයිය තිබෙන්නීය. දරුවන් පස් දෙනාගෙන් ලද මුණුබුරු මිණිබිරියන් 12 දෙනෙකුටද, එම මුණුබුරු මිණිබිරියන්ට දාව උපන් තවත් දරුවන් 18 දෙනෙකුටද ඇය ආදරය දෙන්නීය.
‘මම ගොඩක් වාසනාවන්තයි’ ඇය නිතර කියන්නීය.





COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
තව තවත් දිර්ගායුෂ ලැබේවා! සුබ පැතුම් ........(බ)
වාසනාවන්.සුබ පැතුම්