උතුරු කොරියාවට පනවා ඇති සම්බාධක ලිහිල් කිරීමට ඇමරිකාව එකඟ නොවීම හේතුවෙන් ඇමරිකානු ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප් මහතා සහ උතුරු කොරියානු නායක කිම් ජොන් උන් මහතා අතර පැවති සාකච්ඡා එකඟතාවයක් නොමැතිව අවසන් වී ඇතැයි වාර්තා වේ.
"ඔවුන්ට අවශ්‍ය වුණේ සම්බාධක ලිහිල් කර ගැනීමට, එත් අපිට එය කරන්න බැහැ. සමහරවිට ඔබට හෙමින් ගමන් කරන්න වෙනවා, මෙය එවැනි අවස්ථාවක්" යැයි සාකච්ඡාව අවසානයේ පැවති මාධ්‍ය හමුවේදී ඇමරිකානු ජනපතිවරයා පවසා ඇත.
කෙසේ වුවද දෙරට අතර තෙවන සාකච්ඡා වටයක් සඳහා සැලසුම් කර නැතැයි ද සඳහන් වේ.
න්‍යෂ්ටික අවිහරණයේ ප්‍රගතිය සම්බන්ධව ඉදිරියේදී පැහැදිලි කිරීමට බලාපොරොත්තු වන බව ද දෙරටේ නායකයින් පවසා ඇත.
වියට්නාමයේ හැගෝයි නුවර පැවැත්වුණ මෙම සාකච්ඡා වටය වේලාසනින්ම අවසන් වූ බවද මාධ්‍ය වාර්තා කර ඇත.
(බීබීසී ඇසුරිණි - 085)
2025 නොවැම්බර් මස 17
7
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
2025 නොවැම්බර් මස 04
856
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2491
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
ඇමෙරිකා උතුරු කොරියා සාකච්ඡා එකඟතාවයකින් තොරව අවසන් වේ