IMG-LOGO

2026 ජනවාරි මස 01 වන බ්‍රහස්පතින්දා


ඇමෙරිකාවේ මැතිවරණවල ආරක්ෂාව ගැන වෙනම ඒකකයක්

ඇමෙරිකා එක්සත් ජනපදයේ මැතිවරණවල ආරක්ෂාව සම්බන්ධයෙන් පමණක් අවධානය යොමු කිරීමේ අරමුණින් වෙනම ඒකකයක් ස්ථාපිත කරන බව එරට ජාතික බුද්ධි ඒකකයේ අධ්‍යක්ෂ ඩෑන් කෝට්ස් මහතා පැවසීය. 

“මැතිවරණවල ආරක්ෂාව කියන්නේ ජාත්‍යන්තර ප්‍රජාව හමුවේ තිබෙන දිගුකාලීන අභියෝගයක්. ඒ වගේම එය ඉහළම ප්‍රමුඛතාවක්” යැයි ඩෑන් කෝට්ස් නිවේදනයක් නිකුත් කරමින් ඒ බව සඳහන් කළේය. 

සිය ප්‍රතිපත්තිවලට එරෙහිව යන ඇගයීම්, තක්සේරු කිරීම් කළේ යැයි ඩෑන්ස් කෝට්ස් අවස්ථා කිහිපයකදීම ජනාධිපති ට්‍රම්ප්ගේ විවේචනයට ද ලක්විය. 

ඇමෙරිකා එක්සත් ජනපදයේ ජාතික බුද්ධි අධ්‍යක්ෂ යනු එරට ජනාධිපතිවරයාට බුද්ධි තොරතුරු, ආරක්ෂාව යනාදී කරුණු සම්බන්ධයෙන් උපදෙස් දෙන, අධිකාරීත්වය ඇති සහ ජනාධිපතිවරයා පාලනය කිරීමට බලය ඇති කැබිනට් මට්ටමේ තනතුරකි.

ඇමෙරිකා එක්සත් ජනපදයේ බුද්ධි තොරතුරු, ජාතික ආරක්ෂාව යනාදිය සම්බන්ධයෙන් වගකියන ආයතන 17ක ප්‍රධානීන්ගෙන් සමන්විත ‘ඇමෙරිකා එක්සත් ජනපද බුද්ධි ප්‍රජාවේ’ ප්‍රධානී තනතුර හොබවන්නේ ද ජාතික බුද්ධි අධ්‍යක්ෂවරයාය. 

“2018 වසරේ පැවැති මැතිවරණයේ  දී අපි සාර්ථක ප්‍රවේශයක් ගත්තා. මැතිවරණවල ආරක්ෂාව කියන්නේ ඉතාම වැදගත් කරුණක්. ඒ නිසා ජාත්‍යන්තර ප්‍රජාව ඔවුන් සතුව තිබෙන සම්පත් ජාතික ආරක්ෂාව සඳහා නිසි පරිදි භාවිත කළ යුතු” යැයි ද ඇමෙරිකා එක්සත් ජනපදයේ බුද්ධි අධ්‍යක්ෂ ඩෑන් කෝට්ස්  මහතා පැවසීය. 

ඇමෙරිකා එක්සත් ජනපදයේ කොංග්‍රස් මහ මැතිවරණය පසුගිය වසරේදී පැවැත්විණි. එය කිසිදු බාහිර බලපෑමකින් තොරව පැවැත්වීමට ඇමෙරිකා එක්සත් ජනපද බුද්ධි නිලධාරීන්,කෝට්ස් ඇතුළු සෙනට් සභිකයෝ ප්‍රමුඛ ඇමෙරිකානු පරිපාලනය සමත්වූහ.

කෙසේ නමුත් 2020 පැවැත්වෙන ඇමෙරිකානු ජනාධිපතිවරණයට බාහිර පාර්ශව වලින් දැඩි තර්ජන එල්ල වනු ඇතැයි දැනටමත් අනාවැකි පළ වී තිබේ.  අවසන් වරට පැවැති ඇමෙරිකානු ජනාධිපතිවරණයට සහ එහි ප්‍රතිඵලයට රුසියාව බලපෑම් කළ බවට මේ වනවිට තොරතුරු අනාවරණය වී තිබේ.

මේ අනුව සෙනට් සභාව රුසියාවේ මැදිහත් වීම සම්බන්ධයෙන් විශේෂ අවධානයක් යොමු කර ඇත. ඇමෙරිකා එක්සත් ජනපද සෙනට් සභාවේ බුද්ධි කමිටුව ද ඇමෙරිකානු දේශපාලනයට රුසියාවේ මැදිහත්වීම සම්බන්ධයෙන් වාර්තාවක් ලබා දී තිබෙන අතර මැතිවරණ පද්ධති සහ ආරක්ෂාව සම්බන්ධයෙන් එහිදි වැඩි අවධානයක් යොමු කර තිබේ. 

2016 වසරේදී පැවැති ජනාධිපතිවරණයේ දී රුසියාව ඊට මැදිහත් වූ බවටත් ජයග්‍රහණය සඳහා ජනාධිපති ඩොනල්ඞ් ට්‍රම්ප්ට මහතා උපකාර කළ බවටත් ඇමෙරිකා එක්සත් ජනපදයේ බුද්ධි අංශ විමර්ශන වලින් පසුව අවසන් නිගමනයකට පැමිණියේය. කෙසේ නමුත් බුද්ධි අංශවල එම නිගමන සියල්ල අසත්‍ය යැයි පවසමින් ඇමෙරිකා ජනාධිපති ට්‍රම්ප් මහතා ඒවාට අභියෝග කළේය.


රොයිටර් ඇසුරිනි  

055



අදහස් (0)

ඇමෙරිකාවේ මැතිවරණවල ආරක්ෂාව ගැන වෙනම ඒකකයක්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 140 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 758 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 373 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site