IMG-LOGO

2025 දෙසැම්බර් මස 30 වන අඟහරුවාදා


ඇමෙරිකාව පැරිස් ගිවිසුමෙන් ඉවත්වෙන්න සැලසුම් හදයි

පැරිස් ගිවිසුමෙන් ඇමරිකාව ඉවත් කරගැනීම සඳහා ලේඛන සකස් කළ බව ට්‍රම්ප් පරිපාලනය පවසයි.

දේශගුණික විපර්යාසයන්ට එරෙහිව සටන් කිරීම සඳහා වන ගෝලීය ගිවිසුම ලෙස හැඳින්වෙන පැරිස් ගිවිසුමෙන් ඉවත්වීම සඳහා ඇමරිකාව සැලසුම් සකස් කළ වසරක ක්‍රියාවලියේ පළමු විධිමත් පියවර මෙය බව සඳහන් වේ.

මෙම පියවර කර්මාන්ත ක්ෂේත්‍රය සම්බන්ධව ට්‍රම්ප් පරිපාලනයේ පුළුල් උපායමාර්ගික සැලැස්මක් බව විචාරකයෝ පවසති.

එහෙත් විද්‍යාඥයින් සහ බොහෝ ලෝක නායකයින් ඉල්ලා සිටින්නේ ගෝලීය උෂ්ණත්වය ඉහළ යෑමේ දරුණු බලපෑම් වලින් වළක්වා ගැනීම සඳහා කඩිනම් පියවර ගන්නා ලෙසයි.

ලෝකයේ ඉහළම හරිතාගාර වායු විමෝචකයා සහ ප්‍රමුඛ තෙල් හා ගෑස් නිෂ්පාදකයකු වන ඇමරිකාව මෙම ගිවිසුමෙන් ඉවත්ව ගියහොත් ගිවිසුමෙන් පිටත ඇති එවැනි එකම රට බවට පත්වෙනු ඇත.

එක්සත් ජනපද රාජ්‍ය ලේකම් මයික් පොම්පියෝ මෙම පියවර සනාථ කළ අතර යුරෝපා සංගමය ඇමෙරිකාවේ මෙම පියවර සම්බන්ධව ඔවුන්ගේ දැඩි කනස්සල්ල පලකර ඇත.

(රොයිටර් පුවත් ඇසුරිණි - 085)



අදහස් (0)

ඇමෙරිකාව පැරිස් ගිවිසුමෙන් ඉවත්වෙන්න සැලසුම් හදයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 56 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 719 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 342 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site