ඇමරිකාවේ ටෙනසි ප්‍රාන්තයේ නැෂ්විල් නගරය හරහා හමාගිය සුළි සුළඟකින් පුද්ගලයින් 19 දෙනෙකු මියගොස් තිබේ.
සුළි සුළඟින් නගරයේ ගොඩනැගිලිවලට ද විශාල හානියක් සිදුව ඇති බව නිලධාරීහු පැවසූහ.
නැෂ්විල් නගරාධිපති ජෝන් කූපර් පැවසුවේ නගරය “විනාශයට” පත්ව ඇති බවයි. එසේම පීඩාවට පත්වූ අසල්වැසියන්ට උදව් උපකාර කරන ලෙස ද හෙතෙම ජනතාවගෙන් ඉල්ලා සිටියේය.
ප්‍රාන්තයේ 44,000 ක් පමණ ජනතාවක් විදුලි බලය නොමැතිවීම හේතුවෙන් පීඩාවට පත්ව තිබේ.
නගර මධ්‍යයේ සිට සැතපුම් අටක් පමණ ඈතින් පිහිටි ජෝන් සී ටියුන් ගුවන් තොටුපළට සැලකිය යුතු හානියක් සිදුව ඇති බව ගුවන් තොටුපල පවසයි.
නගරයේ පාසල්, උසාවි සහ ප්‍රවාහන මාර්ග ද වසා තබන බව නිලධාරීහු පවසති.
(බීබීසි ඇසුරිණි - 085)
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd