IMG-LOGO

2025 දෙසැම්බර් මස 31 වන බදාදා


ඇමරිකාව උතුරු කොරියාව සමග සබඳතා පවත්වයි

පසුගිය කාලය පුරාම ඇමරිකාව උතුරු කොරියාව සමග සෘජු සබඳතා පවත්වාගෙන ගිය බව ඇමරිකානු රාජ්‍ය ලේකම් රෙක්ස් ටිලර්සන් මහතා ප්‍රකාශ කර ඇත.

ඇමරිකාවට උතුරු කොරියාව සමග සන්නිවේදන සබඳතා තිබෙන බවත් දෙරට අතර ඇත්තේ අඳුරු පරිසරයක් නොවන බවත් ඔහු ප්‍රකාශ කර ඇත.

ඇමරිකානු රාජ්‍ය ලේකම්වරයා මෙම අදහස් පළ කර ඇත්තේ චීන සංචාරයක යෙදෙන අතරතුරයි.

" ප්යොන්ග්යෑන් පාලනය සාකච්ඡා සඳහා ඇද ගැනීමට සහ ඇහුන්කන්දීම සඳහා යොමුකර ගැනීමට ඇති ඉඩකඩ පිළිබඳව වොෂින්ටනය මගක් සොයමින් සිටිනවා".යැයි ද ඒ මහතා පවසා ඇත.

කෙසේ වුවද මෙම සන්නිවේදන සබඳතා පැවැත්වීම ලෝකයටම රහසක් වූ අතර පසුගිය මාස කිහිපය පුරාම එක්සත් ජනපදය හා උතුරු කොරියාව අතර බරපතල වාග් සංග්‍රාම ඇති විය. ඇසෝසියේටඩ් ප්‍රෙස් මාධ්‍ය ආයතනය ද සඳහන් කර ඇත්තේ දෙපාර්ශවයම මාස කිහිපයක් තිස්සේ ප්‍රසිද්ධියකින් තොරව අදහස් හුවමාරු කරගෙන ඇති බවයි.  

මේ අතර ඇමරිකානු රාජ්‍ය ලේකම්වරයා සිය සංචාරයේදී චීන පාලනයේ ඉහල නිලධාරීන් සමග සාකච්ඡා කිරීමට බලාපොරොත්තුවන අතර එම සාකච්ඡාවන්හි දී උතුරු කොරියාවට එරෙහිව පනවා ඇති සම්බාධක ක්‍රියාවට නංවන මෙන් චීනයෙන් ඉල්ලා සිටිමට ද නියමිතව ඇත.

(බීබීසී පුවත් ඇසුරිණි - 085)



අදහස් (3)

ඇමරිකාව උතුරු කොරියාව සමග සබඳතා පවත්වයි

ravin Sunday, 01 October 2017 03:49 PM

කපන්න බැරි වුණාම අත සිප ගන්නවාලු නේද?

:       87       264

samjay Sunday, 01 October 2017 07:24 PM

මේගොල්ලෝ හොරට යාලුකම් පවත්තමින් අනෙක් රටවලට කියනවා යාලුකම් පවත්වන්න එපා කියල.

:       0       0

දිලාන් Monday, 02 October 2017 01:26 AM

මාධ්‍ය හරහා ලෝකයට පෙන්න්වනේ එකක්. කරන්නේ ඊට හාත්පසින්ම වෙනස් දෙයක්. බලාගෙන ගියාම ඔක්කොම ඩබල් ගේම් කාරයෝ.

:       0       41

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 71 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 728 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 350 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site