ඒ.එෆ්.පී
බුද්ධිමය දේපළ නීති රීති කඩ කිරීමක් සම්බන්ධයෙන් ඇමෙරිකා එක්සත් ජනපදය අද (23) සිකුරාදා චීනයට චෝදනා කළේය.
“චීනය ලෝක වෙළෙඳ සංවිධානයේ නීති රීති උල්ලංඝනය කරමින් අසාධාරණ තාක්ෂණික ක්‍රමවේද භාවිත කර තිබෙනවා. ඇමෙරිකා එක්සත් ජනපදය ලෙස අප ලෝක වෙළෙඳ සංවිධානයේදී චීනයට එරෙහිව පියවර ගන්නවා” යැයි එක්සත් ජනපද වෙළෙඳ නියෝජිත කාර්යාල නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළේය.
ඇමෙරිකා එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඞ් ට්‍රම්ප් බ්‍රහස්පතින්දා (22) ඩොලර් බිලියන 60කට ආසන්න චීන ආනයන මත බදු පැනවීය. ඇමෙරිකාවේ බුද්ධිමය දේපළ කොල්ලකෑමට එරෙහිව එසේ බදු පැන වූ බව ද ජනාධිපතිවරයා කීය.
මෙම බදු පැනවීමත් සමඟ ලොව විශාලතම ආර්ථිකයන් හිමි රටවල් දෙක අතර අර්බුදයක් ඇති වනු ඇතැයි විශ්ලේෂකයෝ පෙන්වාදෙති. චීනයට පමණක් නොව ජපානය ආදී ඇමෙරිකාවේ මිත්‍ර රටවලට ආනයනවලටද ඇමෙරිකා ජනාධිපතිවරයා බදු පැනවීමට නියමිත යැයි වාර්තා වේ. මේ තත්ත්වය ගෝලීය වෙළෙඳ යුද්ධයක් හේතුවනු ඇතැයි එම රටවල් මෙන්ම ආර්ථික විශේෂඥයෝ අනතුරු අඟවති.
055
COMMENTS
චීනය, ජපානය වැනි රටවල් ඇමරිකාව තුල කර ඇති අතිවිශාල ආයෝජන ඉවත් කරගත්තම තමයි ඇස් ඇරෙන්නේ....