එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහ උතුරු කොරියානු නායක කිම් ජොන්ග් උන් යන මහත්වරුන් අතර මේ මස අගදී පැවැත්වීමට නියමිත සාකච්ඡාවට සූදානම් වීම සඳහා උතුරු කොරියාව සම්බන්ධයෙන් පත් කර සිටින විශේෂ නියෝජිතයා උතුරු කොරියාවට ගිය බව ඇමෙරිකා රාජ්‍ය දෙපාර්තමේන්තුව සඳුඳා (4) නිවේදනය කළේය.
ඇමෙරිකාවේ උතුරු කොරියානු විශේෂ නියෝජිතයා ලෙස පත් කර සිටින්නේ ස්ටීවන් බීයගන් ය. එක්සත් ජනපදය වෙනුවෙන් පත් කරන සිටින උතුරු කොරියාවේ විශේෂ නියෝජිතයා වන කිම් හ්යොක් චොල් සමඟ දෙරටේ නායකයන් අතර දෙවැනි සාකච්ඡාව පැවැත්විය යුතු ආකාරය සම්බන්ධයෙන් සාකච්ඡා පවත්වන බව ස්ටීවන් බියගන් පසුගිය සතියේදී පැවැසීය.
එක්සත් ජනපද ජනාධිපති ට්‍රම්ප් සහ උතුරු කොරියානු නායක කිම් ජොන්ග් උන් අතර සාකච්ඡාව අර්ථාන්විත සහ පලදායී එකක් බවට පත් කිරීමත් සාකච්ඡාවේ අරමුණු ඉටු කරගැනීමත් සඳහාත් එක්ව වැඩ කරන බව ද හෙතෙම කීවේය.
ඇමෙරිකානු ජනාධිපතිවරයා සහ උතුරු කොරියානු නායකයා අතර ඓතිහාසික සාකච්ඡාවක් පසුගිය වසරේ ජූනි මාසයේදී සිංගප්පූරුවේදී පැවැත්විණි. ධුරයේ සිටින එක්සත් ජනපද ජනාධිපතිවරයකු- සහ උතුරු කොරියානු නායකයකු අතර සාකච්ඡාවක් පැවැත්වුණු පළමු අවස්ථාව එය විය. කොරියානු අර්ධද්වීපය න්‍යෂ්ටික අවිවලින් තොර කලාපයක් බවට පත් කිරීම එම සාකච්ඡාවේ ප්‍රමුඛතම අරමුණ විය.
ස්ටීවන් බීයගන් උතුරු කොරියානු නියෝජිතයා අතර සාකච්ඡා අද (5) පැවැත්වීමට නියමිත අතර හෙතෙම ඊයේ (4) සහ (3) දකුණු කොරියානු නියෝජිතයන් සමඟ සාකච්ඡා පැවැත්වීය.
රොයිටර් ඇසුරිනි
055
2025 දෙසැම්බර් මස 18
167
0
ශ‍්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
152
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
959
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
ඇමරිකානු නියෝජිතයා උතුරු කොරියාව බලා යයි